Microsoft Azure ගැන හරියටම දැනගමු

Microsoft Azure ගැන හරියටම දැනගමු

1673
0
SHARE

 

Azure Cloud Platform යනු සේවාවන් 200කට අධික ප්‍රමාණයක් සමගින් තාක්ෂණික අවශ්‍යතා පහසුවෙන් සපුරා ගැනීමට අවස්ථාව සලසන, Microsoft මගින් හඳුන්වා දුන් සේවාවකි. මෙහිදී ඔබගේ අවශ්‍යතාවයට වඩාත් සුදුසු වන විසඳුම තෝරාගැනීමට, tools සහ frameworks විශාල ප්‍රමාණයකින් ද එමෙන්ම යම් සීමාවක් තුළ නොමිලයේ ලබාගත හැකි සේවාවන්ගෙන්ද Azure Cloud Platform සමන්විත වේ.ඔබට අවශ්‍ය යෙදවුම් නිර්මාණයට, පරික්ෂා කිරීමට , දියත් කිරීමට අවශ්‍ය සේවාවන් Microsoft හි දත්ත මධ්‍යස්ථාන හරහා ලබාගැනීමට ඔබට අවස්ථාව සලසා ඇත. Azure සම්බන්ධව මුලිකවම ඔබට ඇතිවිය හැකි ගැටළු සහ ඒවාට විසඳුම් මෙම ලිපිය වැඩිදුරටත් කියවීමෙන් ඔබට දැනගත හැක.

Azure සේවාවන් භාවිතය ආරක්ෂාකාරී ද ?

ඔව්, ආරක්‍ෂාව සහ පෞද්ගලිකත්වය යනු Azure හි පදනම වේ. Microsoft ආයතනය ඉහළම විශ්වාසයක්, විනිවිදභාවයක්, ප්‍රමිති අනුකූලතාවක් සහ නියාමන අනුකූලතාවක් සඳහා කැපවී සිටින අතර  – cloud සේවා සැපයුම්කරුවන් අතර මුලිකත්වය ගනිමින් ඔබට වඩාත් පහසු හා විශ්වාසවන්ත සේවාවන් ලබාදීමට බැඳී සිටී.

මම මගේ තොරතුරු තාක්‍ෂණ සේවාවන් බාහිරින් ලබා ගන්නේ නම් ඒ සඳහා Azure උදව් කරන්නේ කෙසේද?

මෙහිදී තොරතුරු තාක්ෂණ සේවාවන් බාහිරින් ලබාගැනීම යනු ව්‍යාපාර අවශ්‍යතා සඳහා අවශ්‍ය තොරතුරු තාක්ෂණික විසඳුම් සහ සේවාවන් බාහිර සේවා සපයන්නන්ගෙන් ලබාගැනීමයි.

පාරිභෝගිකයින්ගේ පවතින විසඳුම් යෙදවීමට, කළමනාකරණය කිරීමට සහ සහාය වීමට සහ සුදුසු විසඳුම් ලබා දීම සඳහා තොරතුරු තාක්‍ෂණ හවුල්කරුවන් විසින්  Azure භාවිතා කරයි. ඔබේ ව්‍යාපාරික අරමුණු සපුරාලීම සඳහා ඔබේ ආයතනයට Azure මගින්  ප්‍රයෝජන ගත හැක්කේ කෙසේදැයි ඔබේ තොරතුරු තාක්‍ෂණ සහකරුගෙන් විමසිය යුතු වේ. නැතහොත් ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන Azure සහකරුවෙකු සොයා ගත යුතුවේ. Azure සේවාවන් ලබාගත හැකි Azure මගින් තහවුරු කරන ලද ආයතන විශාල ප්‍රමාණයක් පවතී.

Azure භාවිතා කරන වෙනත් පාරිභෝගිකයින් කවුරුන් ද?

Fortune 500 සමාගම් වලින් 95 % ක් විශ්වාසවන්ත cloud සේවාවන් සඳහා භාවිතා කරනු ලබන්නේ Azure වන අතර විවිධ ප්‍රමාණ වල ආයතන, දිගුකාලීනව පැවතෙන සහ නව ආයතන විශාල ප්‍රමාණයක් Azure භාවිතා කරනු ලැබේ.

Azure, windows යෙදුම් සහ සේවා සඳහා පමණක්ද?

නැත. open source technologies මෙන්ම ඔබ කැමති technologies , tools භාවිතා කිරීමටද අවස්ථාව සලසා ඇති අතර ,ඔබේ දත්ත යොදාගනිමින් ඕනෑම application එකක්  ඔබේම උපාංග වල සහ මෙහෙයුම් පද්ධතියක virtually run කිරීමටද හැකියාව ඇත. Azure භාවිතයේ විශේෂත්වය වනුයේ ඔබට අවශ්‍ය පරිදි ඔබේ සේවාව සකසා ගැනීමට ඇති පහසුවයි.

Azure භාවිතය මුල්‍යමය වශයෙන් වාසිදායක ද?

Azure භාවිතයේදී ඔබට පෙරගෙවීම් වලින් තොරව ඔබ භාවිතා කරන සේවාවන්ට එම කාලයට පමණක් ගෙවීම් කිරීම සිදු කල හැක.තවද Azure Hybrid ප්‍රතිලාභ මගින් තවදුරටත් ඔබේ වියදම් කළමනාකරණය කිරීමට අවස්ථාව සලසනු ඇත.

Azure සේවා අත්හදා බැලීමට හැකිද?

ඔව්. Azure සේවාවන් අත්හදා බැලීම සඳහා Azure ගිණුමක් නොමිලයේ නිර්මාණය කිරීමට හැකි අතර එමගින් ඔබට නොමිලයේ  Azure සේවාවන් රාශියක් ලබාගත හැක.එසේම පළමු දින 30 තුළ භාවිතා කිරීමට $200 credit ලැබේ.

Azure සේවාවන් මගේ ව්‍යාපාර ක්ෂේත්‍රය සඳහා සුදුසු වන්නේද ?

Azure මගින් සියලුම ක්ෂේත්‍රයන්ට අදාළව සේවාවන් සපයන අතර cloud නිෂ්පාදන සහ සේවාවන්ගේ එකතුව මගින් ඔබගේ ක්ෂේත්‍රයට අදාළ විසඳුම් පහසුවෙන් තෝරාගත හැක. 

අනෙකුත් cloud සේවා සපයන්නන් අතරින් Azure විශේෂ වන්නේ කෙසේද ?

Azure යනු clouds තුල , on-premises හි මෙන්ම මෙම දෙයාකාරයම යොදාගනිමින් වඩාත් ස්ථාවරව ඔබේ යෙදවුම් දියත් කිරීමට හැකි එකම සේවාව වන අතර Azure සේවාවන් භාවිතා කිරීමේදී අදාළ කාලයට පමණක් ගෙවීම් කිරීමේ හැකියාව සමගින් වඩාත් නම්‍යශීලිව වියදම් කළමණාකරණයට අවස්ථාව සපයනු ලැබේ.එක් එක් Azure සේවාව පිළිබඳව වඩාත් සවිස්තරාත්මකව තොරතුරු ඉදිරිපත් කිරීම මෙන්ම සේවාවන් මිලදී ගැනීමට පෙර ඒවා අතහදා බැලීමට අවශ්‍ය දැනුම ලබාදීමටද Azure මගින් සියලු පහසුකම් සලසා ඇත.Azure මගින් වඩාත් ආරක්ෂාකාරීව සහ විශ්වාසවන්තව ඔබගේ අවශ්‍යතා සඳහා විසඳුම් සහ සේවාවන් පහසුවෙන් සහ ලාභදායි ලෙස ලබාගැනීමට හැකිවේ.

 

මීලඟ ලිපියෙන් Azure නිෂ්පාදන පිලිබඳ නිවැරදිව දැනගමු.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY