නොමිලේ ලබාදීම අවසන් වුනත් 25%ක වෙළඳපොල කොටසකට ලගා වන Windows 10

නොමිලේ ලබාදීම අවසන් වුනත් 25%ක වෙළඳපොල කොටසකට ලගා වන Windows 10

1918
1
SHARE

 

නොමිලයේ ලබාදීම දැන් අවසන් වුනත්, අගෝස්තු මාසයේදි තවත් ඉහල නගිමින් Microsoftලගේ නවතම මෙහෙයුම් පද්ධතිය වෙළඳපොළ තුල ඉතා හොඳින් දිගටම කටයුතු කරනවා. Anniversary Update එක කරලියට පැමිණීමත් සමඟ Windows 10හි ජූලි මස 21%ක්ව පැවති වෙළඳපොල කොටස දැන් 23% දක්වා අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරනවා.
50%ක Steam භාවිතය Windows 10 විසින් බිඳ දැමීමට ලගා වී සිටින බව මෑතකදී අපි දැක්කා. NetMarketShare දත්ත වලට අනුව, සියලුම desktop පද්ධති වලින් 1/4ක් පමණ Microsoftලගේ මෙහෙයුම් පද්ධතිය වෙනවා. මෙම මෙහෙයුම් පද්ධතිය අවුරුද්දක් පැරණි වීම මෙහි ඇති ආකර්ෂණීය ලක්ෂණයක් වන අතර පරිශීලකයන්ට OS එක සඳහා ගෙවීමට සිදු වුනත්, Microsoftහි වෙළඳපොල කොටසේ දිගින් දිගටම සිදුවන වර්ධනයත් සමඟ ඔවුන්ට එය ධනාත්මක ලෙස බලපා ඇති බව පෙනී යනවා.

මේ අතර, පළමුවරට 0.25% ක වෙළඳපොල කොටසක් ලබා ගනිමින් කටයුතු කල Windows 7 සහ Windows 8.1, භාවිතයේ ඉතා සරල ගැටිති නිසා 0.1%ක් ලබා ගනිමින් පසුව දෝෂ පරාසයට එකතු වුනා. මෙම දත්ත වලට අනුව Mac OS X 10.11 හි 0.30%ක පහත වැටීම හා සමාන 1%ක Windows XP පරිශීලකයන්ගේ පහත වැටීමක් පසුගිය ජූලි සහ අගෝස්තු කාල පරාසය තුල දක්නට ලැබෙනවා. මේ අනුව බිලිනයක් උපාංග මත Windows 10 ඇති කිරීමේ සැලැස්ම ඉතා ලගදීම අතහැර දැමීමට Microsoft සමාගමට සිදු වන අතර එය නවතම වෙනසක් සිදු කරන බවට නොඅනුමානය.

Windows 10 දැන් ඉතා හොඳින් වෙළඳපොල තුල කටයුතු කරන අතර පාසල් නිවාඩු කාලයේදි සහ නිවාඩු සමයේදි තව තවත් වැඩියෙන් අලෙවි කරන බවට ඔවුන් දුන් පොරොන්දුවත් සමඟ Microsoft සමාගම ඔවුන්ගේ OS එක මේ වසර අවසන් වන විට වෙළඳපොල කොටස තව තවත් වැඩි කර ගනීවි යැයි බලාපොරොත්තු වෙනවා.

Source: NeoWin.net

Comments

comments