WebVR තාක්ෂනය Edge සඳහා හඳුන්වා දීමට Microsoft සමාගම සුදානම් වෙයි

WebVR තාක්ෂනය Edge සඳහා හඳුන්වා දීමට Microsoft සමාගම සුදානම් වෙයි

1759
1
SHARE

Microsoft ව්‍යාපෘති ගැන උනන්දුවෙන් ඉන්න අයට සුවිශේෂී පුවතක් Microsoft සමාගම නිවේදනය කරා. එනම් WebVR feature එක Edge browser එකට‍ ඇතුළත් කිරීමට සුදානම් වෙනවා කියලා. Microsoft සමාගම නන් කියන්නේ මෙය web graphics වල මීළඟ කඩඉම වෙයි කියලා.තවදුරත් ඔවුන් ප්‍රකාශ කරන්නේ developers ලට විවිධ උපාංග (devices) සඳහා මෙය භාවිතයෙන් පරිශීලකයන් සඳහා සුවිශේෂී අත්දැකීමක් ලබාදෙන්න පුළුවන් වෙයි කියලා.

මේ වෙනකොට VR headsets නිකුත් කරලා තියෙන්නේ සමාගම් කිහිපයක් පමණයි, හැබැයි මේ WebVR අනිත් ඒවාට වැඩිය විශේෂයි.මොකද කිව්වොත් ඒක platform agnostic. ඒ කියන්නේ ඔයා කුමන platform එකක් හෝ උපාංගයක් (device ) භාවිතා කරත් WebVR හරහා ඔයාගේ browser එකෙන් අන්තර්ගතයක් නියම විදිහට ඒ කියන්නේ ඇති සැටියෙන්ම බලාගන්න පුළුවන්.එනම් මේ හරහා virtual reality content එකක් ලබාදෙනවා .

1473442645_webvr_lkjzsndgrlj_story

මේ ගැන වගේම අනිකුත් Microsoft ව්‍යාපෘති ගැන උනන්දුවක් දක්වන අයට Microsoft’s Edge developer site එකෙන් වැඩි විස්තර දැනගන්න පුළුවන්.ඒ විතරක් නෙමේ ,browser එක අනුව වුනත් ව්‍යාපෘති තත්වය බලන්න පුළුවන් මොකද browser එකෙන් browser එකට ව්‍යාපෘති අදියරයන් වෙනස් නිසා. ඇත්තටම Firefox සඳහා මෙය නිර්මාණය කර අවසන්.Opera, Chrome, සහ Edge සඳහා feature එක තවම නිර්මාණය කරමින් පවතින්නේ. ඒත් Safari හෝ Internet Explorer මේ සඳහා පහසුකම් සපයන්නේ නැහැ.

පරිගණක (PCs) වල වගේ, Windows 10 Mobile වල මේ feature එක ක්‍රියාත්මක වීම සම්බන්දවනන් ඔවුන් තවම පැහැදිලි කිරීමක් කරලා නැහැ.ඒත් ජංගම දුරකථන VR අන්තර්ගතයන් සම්බන්දව වැඩි නැඹුරුතාවයක් දක්වන නිසා ජංගම දුරකථන සඳහා මේ feature එක වඩාත් උචිත වේවි කියලයි කියන්නේ. ඒ වගේම Windows phone පරිශීලකයන් මෙය ඇලුම් කරන බවට නන් සැකයක් නැහැ.

Microsoft සමාගම කියා සිටියේ Mozilla, Oculus, Google, සහ තවත් කිහිප දෙනෙකු සමඟම W3C WebVR වැඩි දියණු කිරීමට කටයුතු කරමින් සිටින බවයි.තවදුරත් අදහස් දක්වමින් ඔවුන් කියා සිටියේ තවමත් මේ තාක්ෂනය සම්බන්දව අධ්‍යනය කරමින් සිටින නිසා වැඩිදුර තොරතුරු පසුව ඉදිරිපත් කරන බවයි.

source: neowin.net

Comments

comments

1 COMMENT

LEAVE A REPLY