2019 වසරේ Windows 10 සතු වූ හොඳම email apps

2019 වසරේ Windows 10 සතු වූ හොඳම email apps

2057
0
SHARE

ඔබත් Windows 10 භාවිත කරන්නෙක් නම් ඔබ email සඳහා දැනටමත් application එකක් භාවිත කරනවා වෙන්න පුළුවන්. නමුත් ඔබ දන්නවද ඔබේ app එකෙන් කරන්න පුළුවන් සියලුම දේවල් මොනවද කියන දේ ගැන. අපි හිතුවා මේ ගැන පොඩි සටහනක් තියන්න, එය ඔබට වැදගත් වේවි කියලා…

Image result for thunderbird email

පළමු application එක වෙන්නේ Thunderbird. Thunderbird app එක ඔබට නොමිලේ ලබාගන්න පුළුවන් එකක්, ඒ වගේම එක open source නිර්මාණයක්. මේකේ හිමිකරුවන් වෙන්නේ Mozilla Foundation එක. Mozilla Firefox Web Browser එක නිර්මාණය වෙලා ටික කාලයකින් මෙය නිර්මාණය වුණා. මුලින්ම මෙය නිර්මාණය වුනේ ubuntu පරිගණක සඳහා. මෙහි 1.0 version එක release වුනේ 2004 වසරේ දෙසැම්බර් මාසයේ 7 වැනිදා. මේ version එක නිකුත් වෙලා මුල් දවස් තුන ඇතුලතදී downloads 500,000 ඉක්මවා ගිය බව ඔබ දන්නවද? ඒ වගේම දින 10ක් ගත වෙද්දී 1,000,000 downloads කරා ඔවුන් ලඟා වුණා. 2012 වසරේදී Mozilla විසින් ප්‍රකාශ කළා ඔවුන් තමන් Thunderbird වෙනුවෙන් තබා තිබු ප්‍රමුඛස්ථානය මදකට අඩු කළා කියලා. ඒකට හේතුව වුනේ අලුත් features එකතු කිරීම තමන්ගේ community එකට බාර දෙන්නට ඔවුන් තීරණය කිරීම. මේක වැඩියෙන්ම සමාජය තුල ප්‍රසිද්ධ වීමට හේතුව වුනේ, add-ons ලක්ෂ ගණනක් මේ සතුව පැවතීම වගේම මෙය ඕනෑම කෙනෙක්ට පහසුවෙන් භාවිතා කිරීමට හැකිවීම. Mozilla Thunderbird සතුව පවතිනවා tab system එකක්. මෙහි ප්‍රධාන වාසිය වෙන්නේ, වෙන වෙනම windows open වෙන්නේ නැහැ මෙහි. මෙහි තිබෙන්නේ browser එකක් විදිහටම සෑම අලුත් email එකක්ම හා සෑම search එකක්ම open වෙන්නේ අලුත් tab එකකින්. smart folders, real time contact chat, one-click address book වගේම තව features ගණනාවක් මෙහි ඇතුලත්.

Image result for microsoft outlook

දෙවෙනියට කියන්න හදන්නේ Microsoft Outlook ගැන. Outlook කියන්නේ Microsoft සතු වෙන Personal Information Manager කෙනෙක්. ඒ වගේම ඔහු Microsoft Office Suite එක තුල පවා අන්තර්ගත වෙනවා. ඔබ දුටුවානම් මෙය හඳුන්වන්න පාවිච්චි කරන නම, මෙයින් කියවෙන්නේ තනිකරම Email Client කෙනෙක් පමණක්ම නොවී,  calendar , task manager, contact manager, note taking, journal, හා web browsing කියන වැඩ සියල්ලම එක පාරම කරන්න පුළුවන් කෙනෙක්. Outlook application එක standalone app එකක් නැත්නම් තනි එකක් විදිහට භාවිත කරන්නත් පුළුවන් වගේම Microsoft Exchange Server හා Microsoft SharePoint Server සමඟ usersලා වැඩි ගණනක් සිටින ආයතනකට පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට කිවුවොත් මුළු ආයතනය පුරාම shared mailboxes වගේම shared calenders add කරන්න ඔබට පුළුවන්, public folders share කරන්න පුළුවන්, . ඔබ email කියවන්න භාවිත කරන්නේ දුරකථනය පමණක්නම් iOS හා android platforms දෙකටම add කරන්න පුළුවන්. ඒ වගේම ඔබ developer කෙනෙක්නම් Visual Studio පාවිච්චි කරලා ඔබට ගැලපෙන විදිහේ software එකක් නිර්මාණය කරගන්න පුළුවන් outlook සමඟ වැඩ කල හැකි ආකාරයේ. ඔබට මෙය වෙනම මිලදී ගන්න පුළුවන් මෙතනින්.

තුන්වෙනි application එක වෙන්නේ Mailbird. මේක බොහොම සාර්ථක email client කෙනෙක් වුණා Windows 7, 8 හා 10 වල. මෙය නිර්මාණය වුනේ Sparrow Email Client එකින්. 2014 හා 2015 වසර වල හොඳම Email Software Program එක විදිහට සම්මානයට පාත්‍ර වුන mailbird ලෝකයේ පවතින තරඟකාරී email clientsලා වුන Thunderbird, Outlook හා Windows Live Mail කියන අයගෙන් වෙනස් වෙන්නේ mailbird සතුව පවතින design එකේ පවතින සරල බව, emails වල productivity එක එහෙමත් නැතිනම් කාර්යක්ෂම බව වැඩි කරන්න mailbird සතු හැකියාව, open source communities මඟින් තමන්ගේ application එක develop කරන්න developersලට අවස්ථාව උදා කර දීම වගේ ගතිගුණ නිසා. 2015දී ඔවුන් විසින් 2.0 version එක නිකුත් කරනු ලැබුවා. මෙහි Email Snooze, Video Meetings and Speed Reader හා  Facebook, WhatsApp සඳහා integrations වගේම  Veeting Rooms වගේ features ගණනාවක් අලුතින් මෙයට එකතු වී තිබුණා. Mailbird ඔබේ පරිගණකයට ලබාගන්න පුළුවන් මෙතනින්.

eM Client කියන්නේ Windows පදනම් කරගත්ත email client කෙනෙක්. මෙයාගෙන් කරන්න පුළුවන් මුලිකම දේවල් අතර sending හා receiving e-mails, managing calendars, contacts සහ tasks වගේ දේවල් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම අපි කලින් කියපු applications එක්ක සසඳන වෙලාවේදී මෙයා user friendly විකල්පයක් විදිහට හඳුන්වන්න පුළුවන්. 2007 වසරේ නොවැම්බර් මාසයේදී නිකුත් වුනු මෙයා නිර්මාණය කරලා තිබෙන්නේ C# වලින්. මේ සඳහා Microsoft .NET Framework 2.0 installation එක අවශ්‍ය වෙනවා වැඩ කරන්න. install කරගැනීමට මෙතනින් යන්න.

මේ සියල්ලගෙන්ම පස්සේ අපි කැමතියි අපේ පාඨකයන් භාවිත කරන email clients ල සහ ඔබ එය භාවිත කරන්න හේතුව දැනගන්න.

නැවත හමුවෙමු…

 Source: https://www.windowscentral.com/best-email-apps-windows-10

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY