Ace Combat 6, XBox නිසා අලුත් වෙයි

Ace Combat 6, XBox නිසා අලුත් වෙයි

1921
0
SHARE

Xbox ගැන ලිපි කිහිපයක්ම ලියවුනා අපි අතින්, පසුගිය කාලයේදී. අද මේ ලිපිය ලියවෙන්නේ Ace Combat 6 ක්‍රීඩාව Xbox Backward Compatible වීම පිළිබඳව. Xbox ගැන අපි මිට පෙරත් ලිපි ගණනාවක පැහැදිලි කළා. ඒ වගේම මෙහි ආරම්භය, පැවැත්ම කොහොමද වුනේ, ඒ වගේම වැඩ කටයුතු වෙන්නේ කොහොමද, update වීම් සිද්ධ වෙන ආකාරය වගේ දේවල් ගැන කතා කළා.

Ace Combat කියන්නේ flight simulation පිලිබඳ ක්‍රීඩාවක්. Flight simulation ගැන කතා කරනවානම් ලෝකය පුරාවටම බොහොම ප්‍රචලිත වුන video games වර්ගයක් තමයි මේ. එකට හුගක්ම හේතුව වුනේ ගෙදර ඉදන්ම ඉතා පහසුවෙන් ගුවන් යානයක් පැදවීමේ හැකියාව ක්‍රීඩකයා සතු වීම. Flight simulation ගත්තම Combat flight simulators, General flight simulators, Space simulators, Virtual Air Traffic Simulation Network‎, වගේ category කිහිපයක් යටතේ වර්ග කරන්න පුළුවන්. මේකෙන් Ace Combat අයත් වෙන්නේ Combat flight simulators ගණයට. මේ වන විට Ace Combat games 18කට අසන්න ප්‍රමාණයක් නිකුත් වෙලා අවසන්. මේ ක්‍රීඩාව නිර්මාණය කලේ Bandai Namco Studios මඟින්. ඒ වගේම publish කරනු ලැබුවේ Bandai Namco Entertainment විසින්. ඔබ සිතන විදිහට Ace Combat ක්‍රීඩාව selling අතින් කී වැනි තැන වගේ සිටිනවා ඇතිද?

Ace Combat ක්‍රීඩාව 2018 වසර වෙනකොට කොපි මිලියන 14කට අධික ප්‍රමාණයක් විකිණිලා අවසන්. ඒ වගේම ලෝකයේ හොඳම sellings වල හය වෙනි ස්ථානය හිමි කරගෙන තිබෙනවා. මොවුන්ට ඉහලින් සිටින්නේ Tekken, Pac-Man, Gundam, Tales හා Super Robot Wars කියන ක්‍රීඩාවන්. මේ තරම් ඉහල මට්ටමකින් මේ ක්‍රීඩාව අලෙවි වෙන්න හේතුව වුනේ මේ aircraft අතර තිබෙන සම්බන්ධතාවය, ඒ වගේම වර්තමානයේ පවතින military ගුවන් යානයක තිබෙන accurate ගතිය සහ එහි තිබෙන සියලු ගති ලක්ෂණයන් මෙහි අඩංගු වීම, සැබෑ සටන් බිමක දැකිය නොහැකි මට්ටමේ ඉහල තාක්ෂණයක් ඇති ගුවන් යානා මෙහි දකින්නට ලැබීම, මනංකල්පිත මට්ටමේ සුපිරි අවි ආයුධ වගේ කරුණු. ඒ වගේම මේ ක්‍රීඩාව දිගු කාලයක් තිස්සේ ක්‍රීඩා කරන කෙනෙක්නම් ඔබට ක්‍රීඩාව තුලින්ම විවිධ bonus ලබාගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම එක ක්‍රීඩාවක තිබෙන චරිත වගේම එහි තිබෙන events අනෙකුත් ක්‍රීඩා වල පවා දැකගැනීමේ හැකියාව පවතිනවා. මෙය හුඟක් ක්‍රීඩකයන් වාසියක් ලෙස සලකනවා, ඒකට හේතුව වෙන්නේ තමන් එක ක්‍රීඩාවක පුද්ගලයෙක් තෝරාගන්නේ ඔහුගේ තිබෙන යම් ලක්ෂණයක් නිසාවෙන් වෙන්නට පුළුවන්. සමහරවිට සමේ වර්ණය, හැඩහුරුකම, රැවුල වගේ දේවල්. මේ චරිතය මීළඟ ක්‍රීඩාවේ නැති වුනාම ක්‍රීඩකයාට මේ ක්‍රීඩාව අලුත් එකක් වෙනවා. එතකොට ඔහුට මෙය හුරු බවක් දැනෙන්නේ නැහැ. ඒක නිසා ඔවුන් එකම චරිත භාවිත කර තිබුනා හුගක් ක්‍රීඩා වලදී.

මොකක්ද මේ Backward compatible කියන්නේ, earlier versions වල system වල පාවිච්චි කරපු interfaces වගේම data අනික් system එක්ක පාවිච්චි කිරීමේ හැකියාව තමයි මේ. තව ටිකක් මේක පැහැදිලි කරලා කියනවනම් හුඟක් වෙලාවට මේක වැදගත් වෙන්නේ ක්‍රීඩාවකට තමයි. හුඟක් වෙලාවට මේ විදිහට backward compatible කලාට පස්සේ අපි versions දෙක අතර data හුවමාරු කරගන්නවනේ. මේ නිසා සමහර features වල errors එන්න පුළුවන්. ඒ වගේම ක්‍රීඩා කර කර ඉන්න වෙලාවේ crash වෙන්න පුළුවන්. Backward compatibility කියන්නේ ක්‍රීඩකයා ක්‍රීඩාවට ඇබ්බැහි කරන්න පුළුවන් feature එකක්.

අපි බලමු Ace Combat 6 කොතරම් දුරට මේ ක්‍රියාවලියේ සාර්ථක වේවිද කියලා.

නැවත හමුවෙමු…

Source: https://www.neowin.net/news/microsoft-adds-ace-combat-6-fires-of-liberation-to-xbox-one-backward-compatibility

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY