Microsoft, Cortanaට කෙනෙහිලිකම් කරයි

Microsoft, Cortanaට කෙනෙහිලිකම් කරයි

1508
0
SHARE

Cortana ගැන පසුගිය කාලයේ අපි සැහෙන ලිපි ගණනක් ගෙන ආවා. Cortana කොහොමද Android එක්ක පෑහෙන්නේ කියන කරුණ අපි කතා කළා මීට කලින්. ඒ වගේම තමන්ගේ google account එක කොහොමද cortana එක්ක sync කරගන්නේ කියලා කතා කළා අපි. ඒ වගේම Windows Outlook Mobile App එකට cortana හිමි වීම එක්ක කොහොමද මේ app එක අලුත් වෙන්නේ කියලා අපි කතා කළා. මේ ගැන කියවන්න කැමතිනම් අපේ බ්ලොග් එකේ පහලට කියවගෙන යන්න.

Cortana කියන්නේ Microsoft සමාගමේ official virtual assistant. මේක මේ වෙද්දී Windows 10, Windows 10 Mobile, Windows Phone 8.1, Xbox, Surface වගේ Windows සම්බන්ධ වුනු තැන් ගණනාවක Cortana භාවිතා කරලා තිබෙනවා. හුඟක් වෙලාවට කාර්යබහුල ජිවිතයක් ගෙවන කෙනෙක්ට reminders එකක් තියාගන්න, keyboard input එකක් දාගන්න බැරි වෙලාවක cortana තමයි හොඳම විසඳුම වෙන්නේ.  අද වෙනකොට භාෂා ගණනාවක් පුරාවට විහිදිලා තිබෙන cortana English, Portugese, French, German, Italian, Spanish Chinese වගේ ප්‍රධාන භාෂා කිහිපයකටම හැරවිලා ඉවරයි. දැනට Android වල තිබෙන්නේ 2018 ජනවාරි 17 release වුනු 2.9.13 version එක. iOS වලින් ගත්තොත් 2018 ජනවාරි 08 නිකුත් වුන 2.9.13 version එක තමයි දැනට තිබෙන cortana version එක වෙන්නේ.

මේ වසරේදී Microsoft විසින් Windows 10 වල cortana සැහෙන්න ලොකු වෙනස්කම් ගණනාවකට භාජනය කළා. ඔබට මතකනම් Windows 10 taskbar එකේ search සහ cortana තිබුනේ එකට.මෙහෙම තියෙන්න හේතුව වුනේ cortana හරහා කරන search එක ඉක්මන් වීම. අලුත්ම වෙනස මඟින් voice inputs handle කිරීමේ හැකියාව හා search box එක තුල type කිරීමේ හැකියාව ලැබෙනවා වෙන වෙනම. මේ වෙනස අත්විඳින්න ලැබෙන්නේ ඔබට මීළඟ Windows 10 update එකේ සිට. දැනට Microsoft බලාපොරොත්තු වෙනවා update එක අප්‍රේල් මාසයේදී වගේ ලබාදෙන්න.

Microsoft Windows Insider වල chief විදිහට කටයුතු කරන Dona Sarkar පවසන විදිහට target audience එකට අනුව හොඳම සේවයක් ලබා දීමේ අරමුණින් ඔවුන් මේ වෙන් කිරීම සිද්ධ කරන්නේ. ඔවුන් බලාපොරොත්තු වෙනවා නැවතත් search ලබාදීමෙන් ලැබුණු ප්‍රතිපල ඉහල නංවලා, cortana හා search වෙන වෙනම වැඩි දියුණු කරන්න. කෙනෙක් සිතන්න පුළුවන් Microsoft ආයතනයට Cortana ඇති වෙලාද කියලා. නැහැ මෙයින් කියවෙන්නේ වෙනම කතාවක්. Microsoft ආයතනයට අවශ්‍ය වෙන්නේ Windows search කොටස cortana මැදිහත් කරගන්නේ නැතුව වැඩ කරන්න. මේ නිසා අනිවාර්යෙන්ම taskbar එකේ voice search හා text search වෙන වෙනම දකින්න හැකියාව ලැබේවි.

Microsoft search අද වෙනකන්ම පවතින්නේ තරමක් පහළ මට්ටමක. නමුත් Microsoft Teams වගේ apps වලින් මේ feature එක සැහෙන ඉදිරියට ගෙන යමින් සිටිනවා.

නැවත හමුවෙමු…

Source: https://www.theverge.com/2019/1/16/18185490/microsoft-cortana-windows-10-search-changes 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY