අලුතින්ම එන Augmented Reality යෂ්ටිය

අලුතින්ම එන Augmented Reality යෂ්ටිය

2003
0
SHARE

Microsoft ආයතනය පසුගිය වසරෙන් වැඩි කාලයක් වෙන් කලේ ඔවුන්ගේ නවතම නිෂ්පාදනය වූ windows mixed reality headset එක වෙනුවෙනුයි. නමුත් අපිට අහන්න ලැබුනෙ නැති දෙයක් තමයි hololens වෙනුවෙන් කර ඇති අළුත් සැලසුම් මොන වගේද කියන එක. Mixed reality headset සදහා VR motion controllers හදුන්වා දුන් Microsoft ආයතනය AR එහෙමත් නැතිනම් Augmented Reality හා HoloLens සදහා යශ්ටියක හැඩයෙන් යුතු controller එකක් හදුන්වා දී තිබෙනවා. ඇත්තටම මේ අළුත් නිර්මාණයෙන් අපිට තාක්ෂණික මායා කරුවන් බවට පත් වෙන්න පුළුවන්. පහතින් දැක්වෙන්නේ එහි යයි අනුමාන කෙරෙන දළ සටහනකුයි.

එය තරමක් Google Glass හි Draw accessory එකට සමාන වුනත් HoloLens clicker සමග ඇති controls සමගින් ඊට වඩා පුළුල් වී තිබෙනවා. පසුගිය වසරේ ජූනි මාසයේදී තමයි Microsoft ආයතනය මේ උපකරණය සදහා මුලින්ම patent පත්‍රය පිර වූවේ. එදිනම ඔවුන් windows mixed reality vision වීඩියෝවද එළි දැක් වූවා. පහත වීඩියෝව තුල හොදින්ම නිරූපණය වෙනවා මෙම යෂ්ටිය අස්ථි චලන හදුනා ගනිමින් VR headset එකත් සමග ක්‍රියා කරන්නේ කොහොමද කියල. Microsoft ආයතනය දැනටමත් සැලසුම් කරල තියෙන විදිහට Acer, Asus, Dell, HP හා Lenovo සමග හවුල්කරුවන් ලෙස මෙම mixed reality headsets නිෂ්පාදනය කෙරෙනු ඇති. මේවායේ මිල දැනට පවතින VR devices වල මිලට වඩා අඩු මිලකට වෙළදපොළට මුදා හරීවි. ඒ අනුව Acer හි ඒකක මිල $299  පමණ වෙයි. Microsoft ආයතනයේ මීලග ඉලක්කය වෙන්නෙ පරීක්ෂණ වපසරිය පුරා බාහිරින් තබන sensors යොදා නොගෙන චලනයන් හදුනා ගන්නෙ කොහොමද කියන එක ගැනයි.

 

Source: https://www.theverge.com/2017/8/24/16195850/microsoft-wand-augmented-reality-mixed-reality-controller

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY