Windows mail app එකට නවතම වෙනසක්

Windows mail app එකට නවතම වෙනසක්

2325
0
SHARE

Microsoft ආයතනය මගින් වක්‍රාකාරව ඔවුන්ගේ solutions තුලම Windows භාවිතා කරන්නන් රඳවා තබා ගැනීමට මෑතක සිට විවිධ උත්සහයන් දරනවා. එවැනි එක් අවස්ථාවක් ලෙස Windows 10 පාවිච්චි කරන්නන්ට Cortana හි search කිරීම වෙනුවට Bing Search app හි search කර Microsoft Edge browser වෙතින් open කිරිම මෑතකදී හදුන්වා දුන්නා. මෙවැනිම තවත් ක්‍රමයක් මගින් windows 10 පරිශීලකයන් හමුවට Microsoft ආයතනය එන්නේ windows mail app එක තුල නවතම සංස්කරණයක් සමගයි. Microsoft ආයතනයේ මෙම උත්සාහය ගැන තමයි මම කියන්න යන්නේ.

එනම් Windows Mail App එක තුල ඇති links තුල click කල විට Microsoft Edge හරහා අදාල links open වීම සිදු වන අපූරු ක්‍රමයක්. මෙම අලුත් වෙනස ඉදිරියේදී හදුන්වාදීමේ අරමුණින් තවමත් පරීක්ෂණ සිදුකරමින් යන අතර මෙය අලුතින් Windows පරිශීලනයට යොමු වන අයට පමණක් නෙමෙයි දැනට මෘදුකාංග පද්ධතිය භාවිතා කරන්නන්ට ද මෙම වෙනස බලපෑමට පුළුවන්.

සරලවම මෙහිදී සිදුවන්නේ මොකක්ද කියල බලනවනම් ,
Firefox හරි Chrome හරි වගේ browser එකක් default browser එක විදිහට අපේ පරිගණකයේ සැකසුම් සකස් කරගෙන තියන නිසා links open වෙන්නෙත් අපි default දිල තියන browser එකෙන්. ඉතින් Microsoft විසින් මෙම වෙනස සිදු කිරිමත් සමග Windows mail app එකෙහි සියලුම links Microsoft Edge හරහා open විමක් සිදු වෙනවා. Microsoft හි Dona Sakar, blog සටහනක සදහන් කර ඇත්තේ මෙම වෙනස පිලිබදව ආයතනයට බොහෝ ප්‍රතිචාර ලැබිය හැකි බවත් ආයතනය අදාළ ප්‍රතිචාර නොසලකා නොහරින බවත්ය.

කෙසේ හෝ Microsoft සිදු කරන මෙවැනි දේ මගින් පෙනී යන්නේ ඔවුන් තම Windows පරිශීලකයන් Chrome වැනි browser එකක් වෙනුවට Edge භාවිතා කිරීමට යොමු කිරීමට උත්සාහ ගන්නා බවයි.

Source: https://www.theverge.com/2018/3/16/17130566/microsoft-windows-10-mail-edge-default-links

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY