මොනවද මේ IoT ?

මොනවද මේ IoT ?

6346
1
SHARE

සීඝ්‍රයෙන් දියුණු වෙන ලොකයේ, මිනිසාගේ කාර්යබහුල ජීවිතයට උදව්වක් ලෙස පැමිනෙණ IoT මොනවාදැයි අපි අද සිට ගවේශණයක නිරත වෙමු…

IoT (Internet of Things) යනු?

සරලව කියනවා නම්, IoT කියන්නේ එදිනෙදා ජීවිතයේ භාවිතා වන object පිලිබදව විස්තර ඇතුලත්ව දිනෙන් දින update වන ජාලයක්. මෙහිදී object යන්න කර්මාන්ත ක්‍රියාවලියේ සිට පාරිභෝගික භාණ්ඩ දක්වා විහිදී යයි. මෙම සංකල්පය මගින් තොරතුරු සහ ක්‍රියාවලින් පිලිබද දත්තයන් අන්තර්ජාලය ඔස්සේ ඉතා පහසුවෙන් සහ ඉක්මනින් ඔබගේ පරිඝනකයට හෝ ඔබගේ Smart Phone තිරය මතට ලබා ගැනීමේ හැකියාව හිමිවනු ඇත.

b235e99c-e953-45f6-aa53-86c0dd054648

මේ පිලිබදව තවදුරටත් අවබෝදයක් ලබා ගැනීම සදහා එදිනෙදා ජීවිතයේදී IoT භාවිතයට ගත හැකි අවස්තාවක් සලාකා බලමු,

නුදුරු අනගතයේදී නිසැකවම අප නිවාස, වාහන, ප්‍රධාන උපකරණ සහ නගර පිහිටීම් පිලිබදව සියලු තොරතුරු අන්තර්ජාලයට මුසු වනු ඇත. මෙම සියලු කරුණු එක්තැන්කොට ජාලයක් නිර්මාණය කිරීම IoT ලෙස ඉතා සරලව දැක්විය හැක.

WindowsGeek අපගේ site එක මගින් මෙම IoT සංකල්පය පිළිබදව ඉතා ප්‍රාථමික උදාහරණයේ සිට ඉතා සංකීර්ණ උදාහරණය දක්වා සරළව ඔබ වෙත ගෙන එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මෙම සංකල්පය පන ගැන්වීම සදහා Windows 10 සමඟ Arduino, Galileo Gen 2, Raspberry-Pi 2 සහ තවත් මෙවලම් මෙහිදී අපි යොදා ගැනීමට අපේක්ෂාකරනවා. ඒ සදහා ඔබගේ ප්‍රතිචාර වගේම ඉල්ලීම් අප වෙත එවන්න.

DefaultApp

Comments

comments

1 COMMENT

LEAVE A REPLY