අලුත්ම Microsoft Edge Browser එකේ Password Manager එක වැඩකරන්නේ මෙහෙමයි.

අලුත්ම Microsoft Edge Browser එකේ Password Manager එක වැඩකරන්නේ මෙහෙමයි.

12950
1
SHARE

Windows 10 හි නවතම Build එක වන 10147 හි තොරතුරු රැසක් අන්තර්ජාලයට නිකුත් වුනා. ඒත් සමඟ Edge සඳහාත් updates ලැබෙන බව සඳහන්. Password Manager එකක් මේ browser එකේ මීට පෙර builds වලත් පැවතියත් එය හරි හැටි ක්‍රියාත්මක වුයේ නැහැ. නමුත් දැන් එය වඩාත් හොදින් ක්‍රියාත්මක වෙනවා. එය භාවිතා කිරීමත් ඉතා පහසුයි.

මේ මගින් ඔබට පුළුවන් නිතර භාවිතා කරන වෙබ් අඩවි වල passwords තැන්පත් කරලා තියාගන්න. අවශ්‍යය වූ විට ඉවත් කරන්නටත් පුළුවන්. ඉහත GIF එක බැලීමෙන් ඔබට එය වටහා ගන්න පුළුවන්.

Edge Browser එකට හැකියාව තියෙනවා ඔබ වෙබ් අඩවියකට මුලින්ම ලොග් වූ විට එහි මුරපදය මතක තබා ගන්නට. තවද ඔබටද හැකියාව තිබෙනවා මෙය සිදුකරන්න Password Manager හරහා. මෙම කුඩා අංගය නිසා පෙරට වඩා browser එක සමඟ වැඩ කිරීම පහසු වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මෙසේ තැන්පත් කරගන්නා මුරපද සියලුම Windows උපාංග අතර Sync වීමට හැකි වෙන ලෙස මේ ක්‍රමවේදය දියුණු වේවි කියා. එවිට ඔබ පරිගණකයෙහි ලොග් වෙන වෙබ් අඩවි වලට පහසුවෙන් ජංගම දුරකථනය හරහාත් ලොග් වීමට හැකි වෙනු ඇත.

මුලාශ්‍රය

Comments

comments

1 COMMENT

LEAVE A REPLY