48 වැනි වියට පාතබන Microsoft සමාගමේ වත්මන් CEO, Satya Nadella

48 වැනි වියට පාතබන Microsoft සමාගමේ වත්මන් CEO, Satya Nadella

16417
0
SHARE

1992  අවුරුද්දේ ඉඳන්  Microsoft සමාගමට විශාල සේවයක් කරපු  Satya Narayana Nadella ගැනයි මේ  Post එක .

1967 අගෝස්තු 19 දින,ඒ කියන්නේ අද වගේ දවසක, ඉන්දියාවේ  hyderabad වල මධ්‍යම පන්තියේ පවුලක ඉපදුන Nadella, තම ප්‍රාථමික අධ්‍යාපනය hyderabad හි පොදු පාසලෙන් ලබාගත්තා. ඉන් පසුව ඔහු තම electrical engineering උපාධිය Mangalore විශ්වවිද්‍යාලයෙන් ද, MSc  එක Wisconsin විශ්වවිද්‍යාලයෙන්  සහ MBA එක Chicago විශ්වවිද්‍යාලයෙන් සාර්ථකව අවසන් කළා .

1992 වසරේ ඔහු Microsoft සමාගමට සම්බන්ධ වුනාට පස්සේ, තාක්ෂණික අතිනුත්, ඒ වගේම ව්‍යාපාරික අංශයෙනුත් ශක්තිමත් products ඉදිරිපත් කරන්න, මග පෙන්වන්න පුළුවන් නායකයෙක් විදියට සමාගම ඇතුලේ ප්‍රසිද්ධියට පත් උනා .

Nadella මහතා CEO  තනතුරට පත්වෙන්න කලින් Microsoft හි Cloud and Enterprise කණ්ඩායමේ විධායක උප සභාපති විදියට කටයුතු කළා. ඒ  කාලය  තුල Nadella මහතා  Online Services Division, ලෝකයේ විශාලතම cloud infrastructures, Bing සහ  X Box  ආදී products සදහා research  & development කටයුතු  සඳහාද  මූලිකත්වය අරගෙන තියෙනවා . එම සියලුම දේවල් වල ප්‍රතිඑලයක් විදියට,  සමාගමේ වේගයෙන්ම වර්ධනය වූ සහ වඩාත්ම ලාභදායී අංශය බවට මෙය විය. පසුගිය වාර්තා වලට සාපේක්ෂව එහි ආදායම 22% කින් වැඩි වූ  අතර එහි ලාභය 33% කින් වැඩි විය.

ඔහු ප්‍රකාශ  කර ඇති විදියට, මිනිසුන්ට කල නොහැකි දේ කිරීමට Microsoft සමාගම විසින් ශක්තිය  ලබාදෙන නිසාත් , අවසානයේ ලෝකය වඩාත් යහපත් තැනක් බවට පත්කිරීමට හැකි වන බවත් පැහැදිලිව දුටු නිසා ඔහු වසර 22 කට පමණ පෙර Microsoft සමාගමට එක්වුන බවයි .

 

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY