Microsoft Eye Control, test කරන්න කැමතිද?

Microsoft Eye Control, test කරන්න කැමතිද?

2685
0
SHARE

අද කියන්න යන්නේ Microsoft කට්ටියගෙ අලුත් වැඩක් ගැන. Microsoft අය තීරණය කරලා තියෙනවා, Eye tracking feature එක Windows 10 වලට ලබා දෙන්න. මේක අපි වගේ සාමාන්‍ය අය වෙනුවෙන්ම කෙරුණු නිර්මාණයක් නෙමෙයි. මෙයාලගේ target එක වුනේ disabilities තියෙන අයට මේක උදව්වක් වේවි කියන දේ.

අවසන් වතාවට නිකුත් වුනු Windows 10 Insider Preview Build 16257 දී තමයි මේ ගැන ඔවුන් කියල තියෙන්නේ. ඔවුන් ඇත්තටම මේ එවල තිබෙන්නේ beta version එකක්. ඒ කියන්නේ තාමත් මේක තිබෙන්නේ පරීක්ෂණ මට්ටමේ. ඔබටත් මේ eye control අත්දැකීමට මුහුණ දෙන්න ආසයි නම් ඔබ සතුව compatible eye tracker එකක් තිබීමට අවශ්‍යයි. මේ සදහා ඔවුන් recommend කරනවා  Tobii eye tracker 4C  පාවිච්චි කරන්න කියලා. Tobii eye tracker 4C කියන්නේ තවත් විදිහකට කියනවනම් ඔබේ පරිගණකයේ වෙනස් විදියකට සමාජ ගත වීමක්. ඇසේ චලන පාවිච්චියෙන් වැඩ කරන්න පාවිච්චි කරන මේ උපාංගය බොහෝදුරට gaming වලට පාවිච්චි කරන්න පුළුවන්. මේ උපාංගය බොහෝ ක්‍රීඩා වලට support කරන්නේ නැති උනත් ඉදිරියට එන හුගක් ක්‍රීඩා වලට මේක පහසුවක් වේවි කියලා තමයි developersලගේ මතය වෙන්නේ.

මෙය ලබා ගැනීමට ඔබට තියෙන්නේ Settings > Ease of Access වල තිබෙන Eye Control, on කිරීම පමණයි.

Eye Control on කල විගසම පහත තිබෙන launchpad එක open වෙනවා. මේකෙන් mouse, keyboard, text-to-speech හා reposition UI කියන functions බලාගන්න පුළුවන්.

මේ හැම function එකක්ම හුගාක් දුරට සාර්ථකව වැඩ කරනවා මේ Eye Control Interaction Model එකේ. ඔබට dwell time එක ඔබේ මට්ටමට තියාගන්න අවශ්‍යයි නම් Eye Control Settings වලින් වෙනස් කරගන්න පුළුවන්.

දැන් මේ කියන්න ලෑස්ති වෙන්නේ beta version එකේ තිබෙන සුළු ගැටළු කිහිපයක් ගැන.

  1. Eye Tracking feature එක හුගක් සාර්ථකව වැඩ කරන්නේ නෑ direct sunlight එකත් එක්ක. ඒ නිසා location එක වෙනස් කරගන්න වේවි ඔබට.
  2. Device Calibration එක වෙද්දී launchpad එක විසින් Tobii UI automatically block කරගන්නවා. මේ නිසා Calibration එක වෙද්දී eye control off කරලා ඒ වැඩ ඉවර උන ගමන් නැවතත් ඒක on කරන්නයි තියෙන්නේ.
  3. දැනට මේ Eye Control support කරන්නේ Tobii Hardware එක්ක විතරයි. Microsoft කට්ටිය තවත් අනුග්‍රාහකයන් සොයන්න උනන්දු වෙන ගමන් ඉන්නේ මේ ටිකේ.

Source: https://www.theverge.com/2017/8/2/16087368/microsoft-eye-control-windows-10-availability-beta-test

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY