Microsoft Entra Domain Services Use Cases – Legacy Applications Cloud වල Deploy...

Microsoft Entra Domain Services Use Cases – Legacy Applications Cloud වල Deploy කරන ආකාරය

10
0
SHARE

Organizations බොහෝ විට cloud adoption strategy implement කරන විට existing applications direct cloud-ready නොවෙන අවස්ථා වලට මුහුණ දෙනවා. විශේෂයෙන් කාලයක් තිස්සේ ඹවුන් භාවිතා කරන legacy enterprise systems authentication සහ directory access සඳහා traditional protocols භාවිතා කරනවා.

මෙවැනි සිද්ධි දාමයන් සඳහා Microsoft Entra Domain Services solution එක Azure infrastructure තුළ domain-based authentication පවත්වාගෙක යමින් legacy applications run කිරීමට උපකාරී වෙනවා.

මෙම ලිපියෙන් real-world use cases කිහිපයක් හරහා Entra Domain Services භාවිතා වන ප්‍රායෝගික අවස්ථා කිහිපයක් බලමු.


1. Legacy Application Migration

Cloud migration projects වලදී organizations වල biggest challenge එකක් තමයි existing applications redesign නොකර cloud environment එකට move කිරීම.

Enterprise environments තුළ widely භාවිතා වන applications කිහිපයක්:

  • ERP systems
  • internal enterprise tools
  • LDAP-based authentication systems
  • older line-of-business applications

මෙවැනි systems බොහෝ විට directory-based authentication mechanisms භාවිතා කරනවා. මෙහිදී Microsoft Azure infrastructure තුළ Entra Domain Services deploy කිරීමෙන් applications authentication services පවත්වාගෙන යන ගමන් cloud environment එකට migrate කරන්න පුළුවන්.

Practical Example

Example scenario එකක් ලෙස organization එකක් internal ERP system එක Azure VM එකක් තුළ run කරනවා කියලා assume කරමු.

ERP application එක LDAP authentication use කරනවා නම් Entra Domain Services managed domain එකට connect වෙලා authentication process handle කරගන්න පුළුවන්. මෙය application code modify නොකර migration simplify කරනවා.


2. Azure Virtual Machine Domain Join

Azure infrastructure තුළ deploy කරන virtual machines domain integrated environment එකක් අවශ්‍ය වෙන අවස්ථා බොහෝයි. Entra Domain Services managed domain එකක් නිර්මාණය කරලා Azure VM එක domain එකිනෙක සමිබන්ධ කරන්න පුළුවන්.

Example Scenario

Azure Virtual Machine =>Join Managed Domain => Kerberos Authentication

මෙම setup එකෙන් VM එක domain identity system එක සමඟ integrate වෙනවා.

Domain join කිරීමෙන්: centralized authentication, policy enforcement, secure resource access enable වෙනවා. Kerberos authentication mechanism එක භාවිතා කර users secure login perform කරන්න පුළුවන්.


3. Secure LDAP Authentication

Enterprise environments තුළ LDAP authentication බොහෝ වශයෙන් භාවිතා වෙන directory integration method එකක්.

Secure LDAP (LDAPS) support කිරීම Entra Domain Services use cases වල වැදගත් feature එකක්.

Example Applications

Secure LDAP authentication භාවිතා කරන systems කිහිපයක්: enterprise applications, internal authentication portals, network infrastructure systems, Wi-Fi authentication platforms.

මෙම applications Entra Domain Services directory service එක query කර authentication verify කරනවා. LDAPS protocol encrypted communication සපයා දෙන නිසා authentication traffic secure වෙනවා.


4. Hybrid Identity Scenario

Organizations බොහෝවිට මුලූමනින්ම cloud infrastructure adopt කරන්න කලින් hybrid architecture එක implement කරනවා. Hybrid identity model එක තුළ on-premises infrastructure සහ cloud identity platform කියන කොටස් දෙකම පවතිනවා. මෙම architecture implement කිරීමට Microsoft Entra Connect භාවිතා වෙනවා.

Hybrid Identity Architecture

On-Premises Active Directory => Entra Connect => Microsoft Entra ID => Microsoft Entra Domain Services

මෙහි process flow එක මෙහෙමයි:

  1. On-premises directory identities synchronize වෙනවා Entra ID වෙත
  2. Cloud identity platform එක identity management handle කරනවා
  3. Entra Domain Services managed domain environment එක legacy protocols support කරනවා

මෙම model එක organizationsට hybrid IT infrastructure maintain කරමින් gradual cloud migration strategy implement කිරීමට ඉඩ ලබා දෙනවා.


Practical Benefits of Entra Domain Services

Real-world scenarios වල Entra Domain Services deploy කිරීමෙන් organizationsට ප්‍රධානම වාසි කිහිපයක් ලැබෙනවා.

Simplified Application Migration

Legacy systems modify නොකර cloud environment එකට deploy කරන්න පුළුවන්.

Centralized Authentication

Domain-based authentication mechanism maintain කරන්න පුළුවන්.

Reduced Infrastructure Management

Domain controller infrastructure manually maintain කරන්න අවශ්‍ය නැහැ.

Cloud Integration

Azure workloads domain-based security environment එකක් තුළ run කරන්න පුළුවන්.

තවත් අලුත් ලිපියකින් නැවත හමුවෙමු…