මේ තමයි Azure AI Services Article Series එකේ මේ කොටසෙ ලිපිය. අපි මේකෙන් කතා කරන්නෙ modern cloud application එකක අනිවාර්යයෙන්ම තිබිය යුතු feature එකක් වෙන intelligent search capability එක Azure AI Search එක්ක කොහොමද implement කරන්නෙ කියන එක. ඒ වගේම Microsoft Azure මේ search experience එක කොච්චර scalable හා enterprise-ready කරලා තියෙනවාද කියන දේ.
මේ ලිපිය පුරාවටම මේ සංකල්පය පැහැදිලි කරන්න මම උදාහරණයක් ගන්නවා e-commerce organization එකක product catalog system එකක්. E-commerce කියන්නෙ ඉතාම වේගයෙන් data update වෙන, ඒ වගේම user queries විශාල ප්‍රමාණයක් එන industry එකක්. Customer කෙනෙක් product එකක් හොයන වෙලාවෙ search result slow වෙනවා කියන දේ, නැත්නම් irrelevant results එනවා කියන දේ business එකට සෘජුවම revenue loss එකක් වෙන්න පුලුවන්. අපි දන්නවා data volume වැඩිවෙද්දි traditional database search එක limitations වලට යනවා. නමුත් intelligent search architecture එකක් හරියට design කරොත් ඒ ගැටලු බොහොමයක් mitigate කරන්න පුලුවන්. මේ කතා කරන්නෙ ඒ ගැන.
අපි බලමු මොකක්ද මේ Azure AI Search කියන්නෙ කියලා. විශාල structured හා unstructured data sets අතරින් relevant information එකක් හොයාගන්න යද්දි encounter වෙන්න පුලුවන් ප්‍රධාන ගැටලු මොනවද කියලා කල්පනා කලොත්,
- Database queries slow වෙන එක
- Full-text search limitations
- Images, PDFs වගේ unstructured data search කරන්න බැරිවීම
- Search results relevance අඩු වීම
Azure AI Search කියන්නෙ fully managed search-as-a-service එකක්. මේකෙන් large scale data sets index කරලා fast, reliable හා intelligent search experience එකක් build කරන්න පුලුවන්. AI-powered enrichment pipelines භාවිතා කරලා documents වලින් text extract කිරීම, language detection, key phrase extraction වගේ දේවල් automate කරන්නත් පුලුවන්. ඒ නිසා search results වල quality එක සැලකිය යුතු මට්ටමකින් වැඩිවෙනවා.
Intelligent Search Architecture එකක් නිර්මාණය කිරීමේ වැදගත්කම
මුලින්ම ඔබ කරන්න අවශ්‍ය වෙන්නෙ data sources මොනවද කියලා හරියට identify කරගන්න එක. Databases, Blob Storage, Data Lake වගේ sources වල data Azure AI Search indexes වලට ingest කරන්න ඕන. Index schema එක design කරද්දි searchable fields, filterable fields, sortable fields කියන දේවල් හොඳින් plan කරලා define කරන්න අවශ්‍යයි.
Azure AI Search architecture එකක ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා.
- Indexing: Raw data structured search indexes වලට convert කරන process එක
- Querying: User queries වලට fast හා relevant results return කරන process එක
Business requirements වලට අනුව search performance, relevance tuning හා scaling strategies define කරගත්තොත් Azure AI Search service එකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න පුලුවන්.
බොහොම ස්තූතියි අපගේ ලිපි මාලාව සමග එකතු වෙලා සිටීම ගැන. තවත් Azure AI ලිපියකින් නැවත හමුවෙමු.

















