Skype Account නැතුව Skype සංවාදයක් අරඹන අලුත්ම ක්‍රමයක් හඳුන්වාදෙයි

Skype Account නැතුව Skype සංවාදයක් අරඹන අලුත්ම ක්‍රමයක් හඳුන්වාදෙයි

2463
1
SHARE

සාම්ප්‍රදායි විදියට  Skype හරහා ඔබට යම් පුද්ගලයකු සමඟ සම්බන්දවීමට ඔබටත් අනෙක් පාර්ශවයටත් Skype ගිණුමක් (Account) තිබීම අනිවාර්යයවේ. නමුත් මොහොතක් සිතන්න ඔබට හමුවන පුද්ගලයෙක් සමඟ Skype හරහා Call එකක් සඳහා ආරාධනා කලවිට ඒ පුද්ගලයාහට Skype ගිණුමක් නොතිබුනොත් ?… ඔබ අපහසුතාවයට පත්වනවා නිසැකයි. නමුත් මේ දුෂ්කරතාවයට පිළියමක් ලෙස Microsoft සමාඟම අද දින Skype එකට නව හඳුන්වාදීමක් සිදුකලා. ඒ Skype ගිණුමක් නොමැති වූවද Link එකක් Share කිරීම මඟින් ඔබ සමඟ අනෙක් පාර්ශවයට Skype for Web හරහා සම්බන්දවීමේ විශේෂාංගයයි.skype-3-way-image

ඔබ දැන් මොහොතකට Skype වෙත log වෙලා බැලුවොත් වම්පස Contacts තියන තීරූවේ New යන්න button එකක් දැකගන්නට පුලුවන්. ඒ button එක click කිරීමෙන් පසු ඔබට Skype හි පහතින් Your Conversation is all setup ලෙස Link එකක් දිස්වනු ඇති. එය Copy කර ඔබට අවශ්‍ය, Skype නොමැති කෙනෙක්ට Share කරන්න එවිට ඒ පුද්ගලයා Link එක Open කල සැනින් Skype for Web හරහා ඔබ සමඟ ඉතා පහසුවෙන් සම්බන්ඳ වන්නට පුලුවනි.මෙහි දී තවත් විශේෂ ලක්ෂණයක් නම් Group call හා group chat කිරීමටද හැකිවීමයි. Skype Account එකක් නැති ඕනෑම කෙනෙක් ඕනෑම අයෙක්ට මේ ක්‍රමයට සංවාදයක් ආරම්භ කරන්නට පුලුවනි. ඔබත් උත්සාහ කර බලන්න.

Comments

comments