නොමිලේ ලබා දෙන Azure DreamSpark Subscription එක ක්‍රියාත්මක කරගන්නේ මෙහෙමයි

නොමිලේ ලබා දෙන Azure DreamSpark Subscription එක ක්‍රියාත්මක කරගන්නේ මෙහෙමයි [Tutorial]

3188
1
SHARE

අද අපි කියලා දෙන්න යන්නේ DreamSpark සඳහා නොමිලේ ලබා දෙන Azure Subscription එක ක්‍රියාත්මක කර ගන්නා ආකාරයයි. Azure ලබා ගැනීමට පෙර ඔබට DreamSpark ගිණුමක් තිබිය යුතුයි. DreamSpark ගැන දැන ගන්න මේ ලිපිය කියවන්න.

Azure DreamSpark හරහා Microsoft Azure සේවාවන් කිහිපයක් සිසුන්ට නොමිලේම ලබා ගන්නට පුළුවන්. මෙය සිසුන්වම අරමුණු කරගෙන හඳුන්වා දී ඇති සේවාවක් නිසා ලියාපදිංචි වීමට credit cards අවශ්‍යය වන්නේ නැහැ. මේ subscription එක ක්‍රියාත්මක කර ගන්නට යන්නේ විනාඩි 10 ටත් අඩු කාලයක්.

1. මුලින්ම Microsoft Azure for DreamSpark වෙබ් අඩවියට යන්න.

ඉහත Screenshot එකේ Register Now විකල්පය disable වෙලා තිබෙන්නේ DreamSpark ගිණුමට log වෙලා නැති නිසයි. පෙරත් සඳහන් කරපු ලෙසටම මෙම Subscription එක ක්‍රියාත්මක කර ගැනීමට පෙර ඔබට DreamSpark ගිණුමක් තිබීම අනිවාර්යය වෙනවා.

2. ඔබ දැනටමත් ලියාපදිංචි වෙලා නම් ඉන්නේ ඔබට Register Now button එක click කරන්න පුළුවන්. DreamSpark සඳහා භාවිතා කල Microsoft ගිණුමෙන්ම log වෙලා ඉන්න අමතක කරන්න එපා.

3. දැන් ඔබේ තොරතුරු භාවිතා කරලා ලැබෙන form එක පුරවන්න. Phone verification එකකුත් තිබෙනවා.

4. දැන් ඔබේ Azure DreamSpark Subscription එක සඳහා ලියාපදිංචි වීම සාර්ථකයි. ඔබගේ Azure ගිණුමට ලඟා වීමට අවශ්‍යය වූ විට https://portal.azure.com භාවිතා කරන්න.

ඔබේ ගිණුම සකසන තුරු මඳක් රැදී සිටින්න.

පසුව ඔබව Azure Portal එකට රැගෙන යනවා.

දැන් ඔබට Azure ගිණුමක් තිබෙනවා. “New” විකල්පය තෝරන්න. ඔබට අවශ්‍යය සේවාව search කරන්න.

මේ ගිණුම හරහා ඔබට පහත සේවාවන් ලබා ගන්න පුළුවන්.

1. Azure App Service Web Apps.
2. MySQL Database from ClearDB.
3. Application Insights.
4. Visual Studio Online.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY