දැන් Azure SQL Database අවුරුදු 10ක් දක්වා සියලුම දත්ත ගබඩා කරගනියි.

දැන් Azure SQL Database අවුරුදු 10ක් දක්වා සියලුම දත්ත ගබඩා කරගනියි.

1747
0
SHARE

Azure SQL Database එක අවුරුදු 10ක් දක්වා සියලුම දතත් ගබඩා කර තබා ගන්නා බව එහි වැඩසටහන් කළමනාකරු වන Alexander (Sasha) Nosov විසින් Microsoft Azure official blog එක මගින් නිවේදනයකරනු ලැබුවා. මෙසේ දත්ත තබා ගන්නා කාලය දින 35 සිට අවුරුදු 10 ක කාලයක් දක්වා අවශ්‍ය පරිදි වැඩි කර ගැනීමට පුළුවන් අතර ඔබගේ යම් application එකක් සදහා අවුරුදු 10ටත් වඩා වැඩි කාලයක් අවශ්‍ය නම් ඒ සදහාද Microsoft azure මගින් අවස්ථාවන් ලබා දීලා තියෙනවා.
තව දුරටත් Alexander පවසන ආකාරයට Azure මගින් ලබා දෙන පහසුකම් දැන් වඩා පහසුවෙන් පරිහරණය කිරීමට පුළුවන් වගේම එමගින් සෑම සතියකට වරක්ම ස්‌වයංක්‍රියවම සියලුම database වල සම්පුර්ණ backup එකක් ලබා ගන්නවා.
තව දුරටත් ඔහු පවසන ආකාරයට අපි database එකට Azure Portal හරහා හෝ API යොදා ගනිමින් LTR policy එක එකතු කිරීමෙන් පසුව සතියකට වරක් ලබා ගන්නා backup එක Azure Backup Service Vault එකට copy එකක් ස්‌වයංක්‍රියවම ලබාදෙනවා. තවද database එක TDE මගින් encrypt කර තිබීම ප්‍රශ්නයක් නොවන අතර අනෙකුත් දත්තද Azure මගින් encrypt කරනවා.
Azure SQL Database එක ගැන තව දුරටත් ඉගෙන ගැනීමට Microsoft Azure official වෙබ් අඩවියට පිවිසෙන්න.
Official web site – https://azure.microsoft.com/en-us/documentation/articles/sql-database-automated-backups/

Source: winbeta.org

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY