Microsoft සමාගමේ Applied Sciences Group නැමති සංසඳය පවසන අන්දමට ඔවුන් Microsoft Surface පරිගණකය සඳහා e-Ink Touch Cover එකක් එනම් ඉන්ක් සහිත ඩිජිටල් ටච් පෑඩ් එකක් අන්තර්ගත type cover එකක් නිර්මාණය කිරීමට සැලසුම් කරයි. මේ අනුව Touch screen එක භාවිතයෙන් දැනට ඇති සාමාන්‍ය display එකේ touch කිරීමේදී ඇතිවන අපහසුතා මඟහරිමින් ඉතා පහසුවෙන් toch screen එක භාවිතාකිරීමටත් සාමාන්‍ය ටච් තිරය පුළුල් ලෙස භාවිතා කිරීමේදී එහි ඇති දර්ශනවලට භාදා එල්ල නොවන සේ ඉතා පහසුවෙන් අමතර touch pad එකක් ලෙසත් මේ touch pad එක යොදාගත හැකිය. මෙය තවමත් Microsoft සමාගමේ (Micrsoft Research) අභ්‍යන්තර පරීක්ෂන මධ්‍යස්තානයේ පරීක්ෂාවට ලක්කරමින් පවතින අතර ඉදිරියේදී එන Surface සඳහා මෙය බෙහෙවින් ප්‍රයෝජනවත් වනු නිසැකය. e-Ink touch pad එක පිලිබඳ MS Applied Science group එක විසින් නිකුත් කරන ලද Videoව පහතින් නරඹන්න.

















