ඔබගේ ආයතනයේ Cloud Services usage එකත් එක්ක Cost Optimization එක කරගන්න ආකාරය ලොකු අවබෝධයක් නැත්නම් මේ ලිපිය ඔබට වැදගත් වෙයි. Cost optimization එකේදී වැදගත්ම දේ වෙන්නෙ ඔබේ workload එක company එකේ goals හා FinOps practices එක්ක ගලපා ගැනීම. අපි මේක උදාහරණයක් ඇසුරින් කතා කරමු.
Example Scenario: Contoso’s Mobile App Project
Contoso සමාගම trade shows, host කරන සමාගමක්. තමන්ගේ ලාභය වැඩිකරගන්න අදහසින් ticket sales වලට mobile app එකක් ඔවුන් හදුන්වා දෙනවා. මේ සදහා .NET, Azure App Service, සහ Azure SQL Database සේවාවන් ඔවුන් භාවිත කරනවා. අපි බලමු කොහොමද Contoso සමාගම මේ project එකේ cost optimization එක කරගන්නෙ කියලා.
Cost Model එකක් නිර්මාණය කරගැනීම
Cost model එකකින් අපිට පුලුවන් expenses estimate කරන්න, costs forecast කරන්න, spending growth එක ගැන අනුමාන කරන්නත්. මේ project එකේ cost එක predict කරන්න, development team එකට අමාරු වෙනවා. ඒකට හේතුව app එක, sudden spikes වලට මුහුණ දෙනවා අලුත් event එකක් release වුනාම. ඒ වගේ estimate එකක් නැතුව initial funding ගැන හෝ future expenses ගැන හෝ වාර්තාවක් පවත්වා ගන්න අපහසුයි.
විසදුම: Team එක විසින් ඒ ඒ වෙනස් configurations වලට වෙනස් costs estimate කරනවා. මේ විදියේ rough estimates වලින් කන්ඩායම cost model එකක් නිර්මාණය කරගන්නවා infrastructure, staffing, සහ expected revenue පිළිබදව. මේ මගින් app එක scale up නැත්නම් වර්ධනය වෙනකොට යන වියදම ගැන අවබෝධයක් ලබාගන්න පුලුවන්.
Budget එකක් නිර්මාණය කරගැනීම අපිට වියදම් කළමණාකරනය හා වැඩිපුර වියදම් කිරීම අවම කරවන හොද හා සාර්ථක ක්‍රමවේදයක්. App එක design කරන phrase එකේදි යන වියදම වැඩි වීම හෝ අඩු වීම කළමනාකරණය කරගන්න අවශ්‍යතාවයක් තිබුනා Contoso සමාගමට.
විසදුම: Team එක විසින් budget එක refine කළා app එක design කරන්න යන වියදම සහ තවත් අනපේක්ෂිතව එකතු වෙන්න පුලුවන් වියදම් සමග. ඔවුන් ඒක ඉදිරිපත් කළා stakeholder approval එකට. මේ විදියට Budget එක නිර්මාණය වෙන්න හේතුව වෙන්නෙ වියදම් පිළිබදව කළින් පුරෝකථනය කරන එක සෑහෙන අමාරු නිසා.
ඒ වගේම අනික් වැදගත්ම කරුණ වෙන්නෙ technical team එක හා decision makersලා අතර පැහැදිලි තොරතුරු හුවමාරු කිරීමක් පවත්වා ගත යුතු වෙනවා. Contoso මුහුණ දුන්න අලුත්ම ගැටලුව තමයි App launch එකෙන් පස්සෙ ඹවුන් අවබෝධ කරගන්නවා App design එක ඔවුන් බලාපොරොත්තු වුන තරම් cost effective නැහැ කියලා. මේක නිසා ඔවුන්ට විශ්වාසයක් තිබුනේ නැහැ අලුත් වෙනස්කම් යෝජනා කරන්න.
විසදුම: Development team එකට නිතරම ඹවුන් දකින suggestions, improvements ඉදිරිපත් කරන්න සහය ලබා දෙන්න අවශ්‍යයි. ඒ නිසා දැනට app design එක cost effective නැති නිසා cost cutting process එකක් හරහා මේ suggestions, stakeholdersලාට දැනුම් දෙන්න අවශ්‍යය වෙනවා.
මේ ලිපියේ සාරාංශය වෙන්නෙ ආයතනයක් විසින් Cloud development භාවිතයේදි පවත්වාගන්න අවශ්‍ය best practices විදියට,
- Cost Model එකක් නිර්මාණය කිරීම
- Realistic Budget එකක් මගින් වියදම ගැන අවබෝධයක් ලබාගැනීම
- Realistic Communication එකක් මගින් තොරතුරු නිවැරදිව හුවමාරු කරගැනීම හදුන්වා දෙන්න පුලුවන්.
නැවත ලිපියකින් හමුවෙමු…