Windows 10 Mobile store එකට Fake App එකක්, ප්‍රවේශමෙන්…!

Windows 10 Mobile store එකට Fake App එකක්, ප්‍රවේශමෙන්…!

2770
1
SHARE

Windows 10 mobile App Store එකට හදුනා ගන්නට අපහසු වුනු Fake app එකක beta version එකක් Tweetium Beta නමින් දැන් Store එකට මුදා හැර ඇති බවට වාර්තා වෙනවා. මේ fake Tweetium App එක මගින් මෙය පාවිච්චි කරන්නන්ගේ Password සොරකම් කරන බවට තොරතුරු සොයා ගන තිබෙනවා. මෙය පිලිබදව මුල්ම නිවේදනය දක්වා තිබුනේ Tweetium නිල twitter ගිණුමේයි. ඔවුන් සදහන් කර තිබුනේ මෙම App එක download කර නොගන්නා ලෙසයි.

ඒ වගේම මෙම fake App එක නිර්මාණය කල developer විසින්ම තවත් Store එකෙහි නිල වශයෙන් පවතින Madden NFL වැනි App ද වෙනස් කිරීමකට ලක්ව ඇති බවත් තවදුරටත් වාර්ථා වෙනවා. Microsoft App Store එක නිරන්තරයෙන් App store එකට එන App පිලිබදව සුපරික්ශාකාරී වන බව නොරහසක්. නමුත් එය මගහැර යමින් App එකක් Store එකට පැමිනි පලමු අවස්තාව ලෙසත් මෙය දක්වන්නට පුළුවන්.

මේ වනවිට Microsoft Mobile Store එක වෙත මේ පිලිබදව දැනුම් දී ඇති අතර එය සියලු රටවල් වලින් ඉවත් කරන තුරු මෙම App එක Download කර නොගන්නා ලෙස අවධාරණය කර සිටිනවා.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY