Fast Ring සාමාජිකයින් සඳහා Windows mobile 10166 නිකුත්වේ

Fast Ring සාමාජිකයින් සඳහා Windows mobile 10166 නිකුත්වේ

15240
1
SHARE

Windows 10 Build 10166 PC නිකුත්වීමත් සමගම Windows Mobile  නව සංස්කරණය වන Windows Mobile Build 10166 නිකුත්කරන්න Microsoft සමාගමට හැකිවෙලා තියෙනවා.

මේ Build එකේදී Windows Mobile Build 10149 හි හඳුනාගත් ප්‍රශ්ණ කිහිපයක්ම නිරාකරණය කරලා තියෙනවා.ඒ වගේම තවත් අළුත් Features කිහිපයක් එකතුවෙලත් තියෙනවා.

මේ නිවැරදි කරලා තියෙන Bugs කිහිපයක් තමයි මේ, Unlock කිරීමෙන් අනතුරුව Lock screen එක දිගටම පෙන්නුම් කිරීමේ ප්‍රශ්ණය. ඒ වගේම Store එකෙන් App Download කිරීමේදී හා Update කිරීමේදී තියෙන විශ්වාසවන්තභාවය තවත් වැඩිකරලා තියෙනවා.

ඒ වගේම පරණ Store එක ඉවත්කරලා නව Store App එකක් Beta Tag එකක් සමග හඳුන්වාදීලා තියෙනවා.

Fast Ring Member කෙනෙක්නම් නවතම Windows 10 Mobile Build 10166 එකට Update කරගෙන අත්හදා බලන්න.

Comments

comments