PowerShell පාවිච්චි කරන්නේ එයටම ආවේනික වුනු verb-noun naming system එකක්. මේ සෑම cmdlet name එකක්ම verb එකක් වගේම noun එකක් එක්ක එකතු වෙලා නිර්මාණය වෙනවා. මේ Powershell වල verbs කියන්නේ සමහර වෙලාවට English වචනම නෙමෙයි. හැබැයි nouns වලට එනකොට ඒ වචන හුඟක් වෙලාවකට system admin කෙනෙක්ට වැදගත් වෙන විදිහේ objects describe කරන්න ගන්න වචන. මොනවද මේ verbs හා nouns වලට උදාහරණ වෙන්නේ. අපි ගත්තොත් Get-Process, Stop-Process, Get-Service, Stop-Service වගේ උදාහරණ ඔබට පැහැදිලි වේවි මම කියන්න ගිය දේ.
හුඟක් වෙලාවට powershell command එකක නමින් එහි සිදුවෙන ක්‍රියාවලිය තේරුම් ගන්න පුළුවන්. computer එකක් shut down කරන command එක වෙන්නේ stop-computer command එක. හිතන්න ඔබට system එකේ date එක ගන්න අවශ්‍යයි කියලා, ඔබට අවශ්‍ය වෙන command එක වෙන්නේ Get-date command එක.
Get කියන verb එක භාවිත වෙන වචන ටිකක් පැහැදිලි කලොත්, Get-Acl, Get-Alias, Get-ChildItem, Get-AuthenticodeSignature වගේ ඒවා Verb එක පදනම් කරගෙන ගොඩ නැගෙන්නේ. මීළඟට කිවුවොත් Service කියන noun එක ගැන,Get-Service New-Service Restart-Service Resume-Service Set-Service Start-Service Stop-Service Suspend-Service වගේ commands ගණනාවක මෙය භාවිත වෙනවා. සාමාන්‍යයෙන් traditional command-line interfaces වල භාවිත වන commands වල තියෙන parameter names හුඟක් වෙලාවට constent. නමුත් අලුත් user කෙනෙක්ට මේවා අඳුරගන්න අමාරුයි. Parameter එක තමන්ගේ parameter separator එකක් පවත්වාගෙන යනවා. Parameter නමට සෑම වෙලාවකම ‘-‘ සලකුණ යෙදෙනවා.
1 2 |
<span class="hljs-pscommand">Get-Command</span><span class="hljs-parameter"> -Name</span> <span class="hljs-pscommand">Clear-Host</span> |
ඉහත උදාහරණය බැලුව සැනින් ඔබට අඳුරගන්න පුළුවන් මෙහි අඩංගු වෙන parameter එකේ නම වෙන්නේ Name. නමුත් එය command එකක් විදිහට දක්වද්දී එය දක්වන්නේ -Name ලෙස.
ඒ වගේම ඔබ ? ලකුණ parameter එකක් විදිහට යෙදුවොත් Powershell විසින් cmdlet එකේ help display කරනවා. ඒ වගේම මේ cmdlet එක execute වෙන්නේ නැහැ. PowerShell සතුව common parameter set එකක් පවතිනවා. මේ parameters සියල්ල control කරන්නේ PowerShell engine එක මඟින්. ඒ තමයි WhatIf, Confirm, Verbose, Debug, Warn, ErrorAction, ErrorVariable, OutVariable, හා OutBuffer කියන commands.
දැනට cmd.exe හා unix commands විදිහට තිබෙන commands කිහිපයක් දක්වන්න හිතුවා භාවිතයේ පහසුව තකා.
cat | dir | mount | rm |
cd | echo | move | rmdir |
chdir | erase | popd | sleep |
clear | h | ps | sort |
cls | history | pushd | tee |
copy | kill | pwd | type |
del | lp | r | write |
diff | ls | ren |
ඔබට යම් ගැටළුවක් ආවොත් powershell commands සම්බන්ධව ඔබට පුළුවන් Get-Help command එක වෙත යොමු වෙන්න. අපි හිතමු Get-ChildItem cmdlet එක ගැන ගැටළුවක් කියලා, ඔබට තිබෙන්නේ powershell එක තුල Get-Help Get-ChildItem විදිහට type කරන එක විතරයි. නැත්නම් Get-ChildItem -? විදිහට type කරන්නත් පුළුවන්. ඔබට Get-Help command එක ගැන තොරතුරු අවශ්‍යනම් Get-Help Get-Help විදිහට ඒ ගැන ලබාගන්න පුළුවන්. PowerShell කියන්නේ සැහෙන පුළුල් විෂය ධාරාවක්. මම හිතනවා පොඩි හරි අවබෝධයක් ලැබෙන්නැති කියලා මේ මඟින්.
රසිකයෙක් ඉල්ලීමක් කළා Hyper V ගැන ලිපියක් ලියන්න කියලා. මේ නිසා මීළඟ ලිපිය වෙන් වෙන්නේ Hyper V වෙනුවෙන්. නැවත හමුවෙමු…