Microsoft සමාගම, Cross-platform Mobile Development සමාගමක් වන Xamarin මිලදී ගනී

Microsoft සමාගම, Cross-platform Mobile Development සමාගමක් වන Xamarin මිලදී ගනී

2743
0
SHARE

වසර ගණනක කටකතා සහ සොයා බැලීම් වලින් අනතුරුව, Microsoft සමාගම අනාවරණය නොවූ මුදලකට, cross-platform mobile development සමාගමක් වන Xamarin අත්පත් කොටගෙන ඇති බව නිල වශයෙන් වාර්තා වේ.

Microsoftහි cloud සහ ව්‍යාපාර කණ්ඩායමේ විධායක උප සභාපති Scott Guthrie, ඒ පිළිබඳ සඳහන් කොට ඇත්තේ මෙලෙසයි.

      In conjunction with Visual Studio, Xamarin provides a rich mobile development offering that enables developers to build mobile apps using C# and deliver fully native mobile app experiences to all major devices – including iOS, Android, and Windows. Xamarin’s approach enables developers to take advantage of the productivity and power of .NET to build mobile apps, and to use C# to write to the full set of native APIs and mobile capabilities provided by each device platform. This enables developers to easily share common app code across their iOS, Android and Windows apps while still delivering fully native experiences for each of the platforms. Xamarin’s unique solution has fueled amazing growth for more than four years.

මේ වන විට Xamarin සමාගම සතුව රටවල් 120ක් පුරා පාරිභෝගිකයන් 15,000කට අධික සංඛ්‍යාවක් සිටියි. ඉන් සියයකට අධික ප්‍රමාණයක්ම Alaska Airlines, Coca Cola Bottling, Thermo Fisher, Honeywell සහ JetBlue වැනි විශාල සමාගම් වේ.

Microsoft සමාගමේ cross-platform සඳහා වන උත්සහය වර්ධනය වීම නිසා ඔවුන්ගේ Xamarin සමග ඇති සහයෝගීතාව ශක්තිමත් වූ අතර Visual Studio, Microsoft Azure, Office 365 සහ Enterprise Mobility Suite වෙත සංකලන නිපදවෙන ලදී.

Xamarin මගින් developersලා හට C# මත පදනම් වූ code, ආවේණික Android, iOS සහ Windows apps සමග බෙදා හැරීමට අවස්ථාව උදාවේ. Buildහි සහ Xamarin Evolveහිදී තවත් දෑ දැනුම්දෙන බවට Microsoft සමාගම පොරොන්දු වෙයි.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY