Microsoft සමාගම FBI නඩුවක් සඳහා Apple වෙත සහය ලබාදෙයි

Microsoft සමාගම FBI නඩුවක් සඳහා Apple වෙත සහය ලබාදෙයි

2512
0
SHARE

San Bernadino ඝාතකයාගේ දුරකතනය පිළිබඳව ගත යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන්, Apple සමාගම සහ FBI අතර පැවති සාකච්ඡා, පසුගිය සතිය පුරා පුවත් මවන සිදුවීමක් විය. මෙම ගැටලුවේදී තාක්ෂණික ආයතන බොහොමයක් පෞද්ගලිකත්වය සඳහා Apple සමාගම හා එක්ව තර්ක කරමින් පවසා සිටියේ එම දුරකතනය සඳහා FBI වෙත ඇතුලත්වීමේ අවසර ලබාදීමෙන් වැරදි පූර්වාදර්ශයක් සැපයෙන බවයි.

Facebook සහ Google යන සමාගම් අනුව යමින්, දැන් Microsoft සමාගම ප්‍රසිද්ධියේ Apple සමාගමේ ස්ථාවර වෙත සහය දක්වමින්, ‘friend of the court’ නම් මෝසමක් අධිකරණය වෙත එළඹෙන සතියේදී ඉදිරිපත් කිරීමට පොරොන්දු වී ඇත. මෙම ප්‍රකාශයත් සමගම Microsoftහි සභාපති සහ ප්‍රධාන නෛතික නිලධාරී Brad Smith, Apple සමාගමේ දැක්ම තහවුරු කරමින් පවසා සිටියේ මෙම නඩුව තුලින්, අනාගතයේ ඇති විය හැකි මෙවන් අවස්ථා සඳහා දැඩි බලපෑමක් ඇති කරන බවයි.

මෙය සිදුවීමට පෙර, Microsoftහි හිටපු CEO Bill Gates, දින කිහිපයකට පෙර FBI වෙත තම අනුකම්පාව දක්වමින් ප්‍රකාශයක් නිකුත් කරන ලද අතර, පසුව ඔහු පවසන ලද්දේ මෙම කාරණය පිළිබඳ තීරණය ගැනීම අධිකරණය වෙත ඉඩ ලබා දිය යුතු බව තමා සඳහන් කිරීම, වරදවා වටහාගෙන ඇති බවයි.

Snowden ප්‍රකාශනය අනුව යමින්, Microsoft ඇතුලු බොහෝ තාක්ෂණික සමාගම්, තම පාරිභෝගිකයන්නේ දත්තවල පවතින පෞද්ගලිකභාවය පිළිබඳ ඇති සැකයන් සංසිඳුවීම සඳහා තම භාවිත කරන්නන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදීමට ආරම්භ කොට ඇත. Microsoft සමාගමේ එම ස්ථාවරය ගැනීම වටහා ගැනීමට පහසු වන්නේ, විශේෂයෙන්, චෝදනා සහිත මත්ද්‍රව්‍ය බෙදාහරින්නකුගේ email පණිවුඩයක් සම්බන්ධයෙන්, වර්තමානයේ, තම සමාගම සහ රජය අතර වන මෙවැනිම වූ ගැටුමකදී, Apple සමාගම තම සහය ලබාදෙන බවට පොරොන්දු වී ඇති බැවිනි. එම අවස්ථාවෙදී, මෙහිදී Apple සමාගම මෙන්, Microsoft සමාගමද රජයයේ ඉල්ලීමට අනුකූල නොවූ අතර නඩු තීන්දුව පිළිබඳ පෙත්සමක් ඉදිපත් කරන ලදී.

Source : Neowin

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY