පසුගිය වසරේ ඔක්තොම්බර් මස Microsoft සමාඟම විසින් Nokia සමාගම පවරාගැනීමෙන් පසු පළමු වන Power Bank එක නිකුත් උනා එය නමින් Microsoft Portable Power DC – 21 හා මිලෙන් $49 වන අතර එහි Capacity එක වූයේ 6000 mAh ධාරිතාවයකි. එය පසුගිය වසරේනිකුත්කරේ දෙසැම්බර් මසයි. ඒ Power Bank එක සඳහා ඉතා ඉහල අලෙවියක් වාර්තා වූ අතර, තවත් නවතම Power Bank 3ක් වෙලදපලට පැමිණේ.

මෙහි නමින් සඳහන් වන පරිදි මේ Power Bank 3නම නිෂ්පාදනය කර ඇත්තේ එකවර Devices 2ක්ම Charge කර ගැනීමට හැකිවන අයුරින් microUSB Port 2ක් අන්තර්ගත කරමිනි. තවද මේ Charger 3ම daisy chain feature එක ලෙස හදුන්වන එනම් Power Bank එක Wall Soket එකෙන් Charge වන අතරතුර Device එක Charge කිරීමේ හැකියාවෙන් යුක්තවේ.
Microsoft සමාඟම පවසන අන්දමට මේ Power Banck එක මාස කීපයක් භාවිතා නොකර සිටියද එහි ආයු කාලය 80% දක්වාම රඳා පවතින බවයි.මෙහි ඇති LED light set එකෙන් Power Bank එකේ කොපමණ Charge එකක් ඇත්දැයි යන්න බලාගත හැකිය.

මේ නවතම Power Bank 3න ඊලග සති කීපය ඇතුලත තෝරාගත් රටවල් කීපයක් සඳහා නිකුත් කිරීමට නියමිත අතර පහත දැක්වෙනේ ඒවායේ මිලගනන් වේ.
Model | Capacity | Weight | Price (USD) |
DC-32 | 5200mAh | 141g | $35 |
DC-33 | 9000mAh | 215g | $45 |
DC-34 | 12000mAh | 275g | $55 |
තවද මේ Microsoft Dual Mobile Power Bank විවිධ විසිතුරු වර්ණයන් ගෙන් පැමිනෙනු ඇත.
[…] නවතම Microsoft Dual Mobile Power Bank එක $35 සිට […]