Microsoft Garage වෙතින් PowerPoint වෙත Social Share නමින් plug-in එකක්..

Microsoft Garage වෙතින් PowerPoint වෙත Social Share නමින් plug-in එකක්..

2371
1
SHARE

මෙම පුවත අපිට වාර්තා වෙන්නේ Microsoft සමාගමේ Microsoft Garage කණ්ඩායම විසින් නිර්මාණය කල නවතම විශේෂාංගයක් පිළිබඳවයි. එය Social Share ලෙස නම් කොට තිබෙනවා. එය නිකුත් වන්නේ ඔබ අප සැම භාවිත කරන Microsoft සමාගමේ PowerPointහි plug-in එකක් ලෙසටයි.

එමගින් PowerPoint භාවිතා කරන්නන් හට එම application එකෙන් බැහැරට නොගොස් Facebook, Twitter වැනි social media sites වෙත slides සහ decks, share කිරීමට හැකියාව ලැබේ. තවද ඒ හරහා තම content share කල හැකි ආකාරය(album ලෙස, photo ලෙස, photo snip ලෙස, video ලෙස හෝ OneDrive හරහා share කල හැකි link එකක් ලෙස) ද භාවිතා කරන්නන් හට තේරීමට අවස්ථාව උදාවේ.

ඉහත වීඩියෝවේ පරිදි, මෙමගින් content share කිරීම පමණක් නොව තමන් share කල content සඳහා comment කල, favorite කල හෝ ඒ සමග interact වූ social media භාවිත කරන්නන් පිළිබඳ සොයා බැලීමට හා  ඔවුන් හට ප්‍රතිචාර දැක්වීමද, PowerPoint application එකේ සිටම සිදු කල හැක.

කෙසේ වෙතත් Microsoft සමාගම තවදුරටත් දන්වා සිටින්නේ albums සහ videos Twitter වෙත share කිරීම, Twitterහි SDK තවමත් සහය නොදක්වන බැවින් තවමත් සිදු කල නොහැකි බවයි. තවද content share කරන අතරතුර location add කිරීම සහ Facebook යහලුවන් tag කිරීම, මෙමගින් තවමත් සිදු කල නොහැක. එවැනි විශේෂාංග අවශ්‍ය භාවිත කරන්නන් හට වාචිකව හෝ e-mail මගින් ප්‍රතිචාර(feedback) දැක්විය හැක.

Download Social Share

Comments

comments

1 COMMENT

LEAVE A REPLY