SHARE

Kyle Schwanekeගේ බැංකු ගිණුම හිස් වීගෙන එයි.

ඔහු රැකියාවක් නොමැතිව අවුරුදු එකහමාරක් පමණ සිටියා.ඒ ඔහු වැඩ කල indie game studio එකෙන් මොහුව ඉවත් කල පසුයි.මොහු රැකියා සොයා යන විට දෙමවුපියන් ඔවුන්ට පුලුවන් විදිහට උදවු කලා.ඒත් නිවසේ බදු ගෙවීමටවත් නොහැකි තත්වයකට ඔහු වැටුනා.

“මම බොහෝ ආයතන වල සම්මුඛ පරීක්ෂණ වලට ගියා.ඒ වුනත් ඒවායෙන් සමත් වෙන්න වාසනාවක් තිබුනේ නැහැ.සමහර තැන් වලින් කිසිම ප්‍රතිචාරයක් ලැබුනෙත් නැහැ.මම හොඳින් මුහුණ දුන්නා කියා සිතා ආවත් ඒවායින් සමත් වුනේ නැහැ.ඔවුන් එයට හේතු ඉදිරිපත් කරන්නෙත් නැහැ.අවසානයෙදී මම අඩු වැටුප් දෙන තැන් වලටත් ඉල්ලුම් කරන්න ගත්තා.ඇත්තම කියනවනම් මට කරන්න කිසිම දෙයක් තිබුනේ නැහැ.”

ඔහු Asperger’s syndrome නම් රෝගයකින් පෙළුනා.එය මොළයේ ඇති වන සංකීර්ණ විෂම තත්වයක්.නමුත් ඔහුගේ තත්වයේනම් ලොකු ගැටළුවක් තිබුනේ නැහැ.

මෙයින් පෙළෙන පුද්ගලයින්ගෙන් සියයට අසූවක් පමණ රැකියා විරහිතයි.නමුත් ඔවුන් රැකියාවක් කිරීමට සුදුසුම පිරිසක්.විද්‍යාව, ගණිතය හා තාක්ෂණය යන පැතිකඩ වලින් ඔවුන් අන්‍යයන්ට වඩා විශේෂ හැකියාවන් පෙන්වයි.ඔවුන් සමාජයේ අන් අයත් සමඟ සාමාන්‍ය ලෙස ගනුදෙනු කරන්න අපොහොසත් ය.වචන හසුරුවා හෝ නොමැතිව කථාබස් කරගැනීමේදී මෙන්ම ඒකාකාරී ක්‍රියාවන් වල යෙදෙන්න එයාලට අමාරුයි.Autism Spectrum Disorder(ASD) නමින්ද හඳුන්වන මේ රෝගී තත්වයෙන් පෙළෙන අයගෙන් සියයට 80ක්ම රැකියා විරහිතයි වගේම ලෝක ජනගහනයෙන් සියයට 1ක් මේ ASD රෝගීන් ය.

ඒ ලෝක ස්වේච්ඡතා දිනයයි.Microsoft සමාගමේ Mary Ellen Smith රටවල් 193ක නියෝජිතයන් ඉදිරියේ නිවේදනය කලා Pilot Program එකක් සඳහා ඔවුන් Autism රෝගීන්ව බඳවා ගන්නා බව.මාස කිහිපයක් ගත වුනා.සේවකයන් 11ක් මේ වන විට ඔවුන් සමඟ ඉන්නවා.ඒ වගේම තවත් එවැනි අය සෙවීමේ කටයුත්තේ ඔවුන් ක්‍රියාකාරීව යෙදී සිටිනවා.

අයදුම් කිරීමට,

“For the first time, I felt like I was in place where I understood other people, and they understood me,” said Kyle Schwaneke

“මොවුන් සම්ප්‍රදායික සම්මුඛ පරීක්ෂණ වලට සහභාගී විය යුතු අය නොවේ.ඒ නිසා මොවුන්ගේ පුදුමසහගත දක්ෂතා අපට මග ඇරෙන්න පුළුවන්.ඉතිං මේ අද්විතීය මනස් වලින් දැන් ප්‍රයෝජනයක් ගන්නවා” Smith පවසයි.

Microsoft සමාගමෙන් ලබා දෙන වෙන රැකියා වගේම මේකත් full-time රැකියාවක්. ඒ වගේම තරඟකාරී වැටුපක් ලැබෙනවා. Schwaneke සම්මුඛ පරීක්ෂණයට සහභාගී වුන 10 දෙනාගෙන් එක්කෙනෙක්. සති 4ක පරීක්ෂණය අවසානයේ සංවිධායක මණ්ඩලය තීරණය කළා Schwaneke මෙහි නායකයා කරන්න. මොකද ඔවුන් දැක්කා ඕනෑම පීඩනයක් යටතේ ඔහු හරිම සංසුන් විදිහට තමන්ගේ පාඩුවේ ඔහුගේ වැඩේ කරගෙන යනවා. ඉතිං සති 4 ඉවර වෙද්දිම ඔහුට ලැබෙනවා රැකියාවක්, software engineer කෙනෙක් විදිහට. ඒ හරියටම ඔහුගේ පියාගේ උපන් දිනය දවස. ඉතිං දෙමව්පියන් එනවා මොහුගේ නවාතැනට එය සමරන්න.
“රාත්‍රී අහාර වේල ගන්න වෙලාවේ මම හිතුවා මේ වෙඩිල්ල පත්තු කරන්න. ඔවුන්ගේ දෑස් අදහාගන්න බැරි වුනා. ඇත්තටම මට එය එක් ස්ථාවර වෙන්න ලැබුන අවස්ථාවක්. නමුත් ඔවුන්ට ඒක හිතට අස්වැසිල්ලකුත් වුනා.”

Schwaneke මේ වන විට software engineer කෙනෙක් විදිහට කුඩා කණ්ඩායමක් එක්ක වැඩ කරගෙන යනවා. ඒ cortana Xbox වෙත ගේන වැඩේට. “අපිට deadlines සහ නොයෙක් වෙනස්කම් එක්ක වැඩ කරන්න වෙනවා තමයි. ඒත් ඒක ලොකුවට දැනෙන්නේ නැහැ. හරීම නිදහස් පරිසරයක්. මං කලින් ඉගෙන ගත් තැන් එහෙමත් නැත්නම් රැකියා කරපු තැන් වගේනම් නෙමෙයි” ඔහු පවසයි.

මේ හීන්දෑරි තරුණයාගේ ස්වරූපය ගැන කියනවනම් ඔහු නිතරම උපැස් යුවළක් පැළඳගෙන ඉන්නේ. ඒ විතරක් නෙමෙයි ඔහුගේ වැවුන හිසකෙස් නිතරම හිස්වැස්මකින් ආවරණය වෙලා තියෙන්නේ. ඒ ඔහු computer programming උපාධිය ලබාගත් DigiPen විශ්ව විද්‍යාලයෙන් ඔහුට ලැබුන හිස්වැස්මක්. programmersලාගේ දශක ගණනාවකම සිට ආ විලාසිතාව වුනේ අක්‍රමවත් ලෙස ඇඳ පැළඳගෙන එන එකනේ. ඔන්න මෙයත් ඒක වෙනස් කරන්න ගියේ නැහැ.

Schwaneke කියනවා ඔහුගේ දෙමවුපියන් දැනගෙන හිටියා ඔහු වෙනස් බව. ඒ වගේම ඔවුන්ගේ ඕනෑම දේකට ඔහු ඉන්න බවත්. “කුඩා කාලයේ මුලින්ම මට කථා කරන්න ටිකක් කල් ගත වුනා. නමුත් කථා කරන්න ගත්තම මම දිගු වාක්‍ය එකවිට කියාගෙන ගියා. සමහර වෙලාවට මට මං කැමති සින්දු වල පද හොඳට මතකයි. නමුත් කලින් දවසේ මං කරපු වැඩ අමතකයි.”

මේ අතර මනෝ වෛද්‍යවරයෙක් කියනවා මොහුට තියෙන්නේ Asperger’s syndrome කියන ලෙඩේ කියලා. ඉතින් මෙයාගේ පොඩි පොඩි වෙනස්කම්, අමුතු හැසිරීම් හැම එකක්ම දැන් කට්ටියට ලොකුවට පේන්න ගත්තා. සමහර වෙලාවට එකට ඉන්න ළමයි මෙයා හිතන්නේවත් නැතුව කරන දේවල් වලට පිරිසෙන් නෙරපලා දැම්මා. “පාසලේ හිටපු ළමුන් ඇත්තෙන්ම ප්‍රශ්නයක් වුනා. එයාලා මගේ අමුතු හැසිරීම නිසා මාව විහිළුවකට ගත්තා. නමුත් වාසනාවට මට උදවු කරන දෙමවුපියන් සහ මාව හොඳින් වටහා ගත්ත ගුරුවරුන් පිරිසක් හිටියා. එයාලා නැති වුනොත් මට මොනවා වෙයිද කියලා හිතන්නත් මං බය වුනා. ඉගෙන ගන්න එක, පාඩම් කරන එක, පොත් කියවන එක මහා භයංකර දේවල් වෙන්න තිබුනා.”

ඉන්පසු ඔහු ආදරෙන් බැඳෙන්නේ ඔහුගේ උසස් පාසලටයි. මොකද computer science class එකේදී ඔහුට programming ඉගෙනගන්න ලැබෙනවා. ඉතිං ඔන්න තීරණයකට එනවා මේ තමයි මං නවතින්න ඕනේ තැන -programming. ඒ විතරක් නෙමෙයි මෙතනදී ඔහු වගේම ඒකට කැමති පිරිසක් ඔහුට මුණගැහෙනවා. පළමු වතාවට මට හිතුනා මං ඉන්නේ මාව අඳුරගත්ත මං අදුරගත්ත පිරිසක් ඉන්න තැනක කියලා. (මේක Microsoft එකේ ඔහුට ලැබුන රැකියාවටත් වලංගුයි )

kyle_schwaneke

Zach එක්ක තිබුන සම්මුඛ සාකච්ඡාව මතක් කරද්දිත් මට විනෝදයි. ඒක ඔහුටත්  මටත් පහසුවක් වෙන විදිහට තිබුනේ. ඒ තමයි මං මුහුණ දුන්න අති සාර්ථකම සම්මුඛ සාකච්ඡාව.

“එතන හිටියා Kyle වගේම දක්ෂ කට්ටිය. ඒත් ඒ ක්‍රියා පිළිවෙත වෙනස්නේ. coding වලදී දක්ෂ වුනත් ඒක ප්‍රායෝගිකව යොදාගන්නා බවක් ඔවුන් පෙන්නුවේ නැහැ. Kyle අවුරුද්දකට වඩා නිකන් හිටියා තමයි. ඒත් දැන් ඔහු නිසා Cortana ලොව පුරා ඉන්න හැම Xbox user කෙනෙක් ගාවටම ගේනවා” Zach Johnson පවසයි.

සම්මුඛ පරීක්ෂණ ක්‍රියාදාමයේ අවසාන දිනයත් එළඹුනා. ඒක නිකන් campus එකක පිරිසක් එකතු වෙන එකකට සමානයි. laptops දිග ඇරගෙන, හිස්වැසුම් දාගෙන, star wars T-shirts ඇඳගෙන නව පන්නයට තමයි කට්ටිය හිටියේ. කොණ්ඩය බැඳගත්ත එක්කෙනෙක් headphones පැළඳගෙන වැඩක. තවත් අයෙක් කාමරය වටේ සක්මනක. ඔහු කතා කරන්න පටන් ගත්තා. පස්සේ ඔහු කිව්වා යමක් ගැන හොඳින් අවදානය යොමු කරන හැටි , ඔහු තවමත් පියවර මනින ගමන්. apps හදලා, කණ්ඩායම් විදිහට වැඩ කරලා සති 2ක සම්මුඛ පරීක්ෂණය නිමා වුනේ autism pilot program එකට පස් දෙනෙක් තෝරාගෙන.

Philip Jarvis presents his work to hiring managers during the extended interview process. Jarvis was hired as a software developer for the team working on HoloLens and other projects.
Philip Jarvis presents his work to hiring managers during the extended interview process. Jarvis was hired as a software developer for the team working on HoloLens and other projects.

“මුල් සතියේ නැත්තම් මාසයේ අනිත් අයගෙන් ප්‍රශ්න අහන්න ගොඩක් අය ලැජ්ජයි. ඒත් මටනම් එහෙම නැහැ. මගේ කණ්ඩයමේ සාමජිකයන් එක්ක එයාලා ගැනයි අපිට කරන්න තියන වැඩ ගැනයි මං කථා කළා. ඒක එහෙම තමයි වෙන්න ඕනේ. අපෙන් අනිත් අය ප්‍රශ්න අහන්න ඕනේ. හැමෝම හැම වැඩකදීම ක්‍රියාශීලීව සහභාගී වෙන්න ඕනේ. මොකද මේක ඇත්තටම හරිම ලස්සන තැනක්” Schwaneke පවසයි.

ඉතිං ඔබත් මේ Microsoft Autism Hiring Program එක ගැන උනන්දුයිනම් [email protected] හරහා අයදුම් කළ හැකියි.

Source: www.microsoft.com

Comments

comments