Microsoft සමාඟම Microsoft Teams නැමති අලුත්ම Team Collaboration Platform එකක් හඳුන්වාදෙන බවට අප ඔබට දැනුවත් කලා ඔබට මතක ඇති. ඊයේදින Microsoft සමාඟමේ පැවති විශේෂ Office වැඩසටහණේ දී මෙම Microsoft Teams නැමති අලුත්ම Team Collaboration Platform එක හඳුන්වාදෙනු ලැබුවා.
මෙම නිෂ්පාදනය මුලදී Skype Teams ලෙස හැදින්නුවත් Microsoft ආයතනය පසුව එය Microsoft Teams ලෙස නම් කරන්න තීරණය කලා. මෙම නිෂ්පාදනය ඇත්තෙන්ම කාර්යාලයක සියලුදෙනාට පහසුවෙන් Group Chat කිරිමට තමා නිර්මාණයකරලා තියෙන්නේ නමුත් මෙහිදී Group Chat එකකින් එහාට ගොඩක් වැඩකරගන්න පුලුවන්.
Microsoft Teams කියන්නේ ප්‍රධාන වශයෙන්ම කණ්ඩායම් සදහා වන සන්නිවේදන මෙවලමක්. මෙම සේවාව Microsoft Office 365 සමඟ පැමිණෙන නිසා OneDrive, Skype, Word, PowerPoint, Excel වැනි පහසුකම්ද ඒ සමඟ ලැබෙනවා. ඒවගේම මෙය නිර්මාණය කරල තියෙන්නේ cross-platform app එකක් ලෙස. ඒනිසා Windows PC, Mac, Android smartphone, iPhone, Windows Phone සහ වෙබ් යන ඕනෙම ආකාරයකට භාවිතා කිරීමේ හැකියාව තියෙනව.
කෙසේ නමුත් Microsoft සමාඟමෙන් මේ Microsoft Teams නිකුත් කරලා තියෙන්නේ Slack නැමති Chat Platform එකට අභියෝගකිරීමට කියලානම් ඉතාම පැහැදිලියි.
Microsoft Teams ගැන වැඩිදුර දැනගන්න
[…] Microsoft සමාඟම Microsoft Teams හඳුන්වාදෙයි […]