Microsoft Band හි Explorer Tile සමග නව Hiking අත්දැකීමක් හඳුන්වාදෙයි

Microsoft Band හි Explorer Tile සමග නව Hiking අත්දැකීමක් හඳුන්වාදෙයි

2285
1
SHARE

Microsoft විසින් Microsoft Band එකට අලුත් අංගයක් නිකුත් කිරීමට නියමිතයි. මේ update එක කඳු නගින්නන්  වෙනුවෙන් අලුත්ම අත්දැකීමක් එකතුකරනවා.  මේ සදහා අලුත් Explore Tiles සහ Microsoft Health app එකට එන අලුත් update එකක් Windows Store එකෙන් Windows 10 සදහා නිකුත් කරලා තියෙනවා. මීට අමතරව තවත් විනෝදාත්මක අංග කීපයක්ම මේ සමග ලැබිල තියෙනවා.

මේ ගැන අදහසක් ගන්න මේ Video එක බලන්න:

  • GPS Power Saver ස්වයංක්‍රීයව ඔයාගේ band එකට ඉඩදෙනවා hike එක විශ්ලේෂණය කරන්න. මෙය පැය 12 දක්කවා සිදුවෙනවා.
  • Hike එකෙන් පස්සේ ඔයාට පුළුවන් band එක phone එකට සම්බන්ද කරලා hike සම්බන්දයෙන් සම්පුර්ණ විස්තරයක් ලබාගන්න.
  • මේ මගින් ලැබෙන කාලගුණ අනතුරු ඇගවීම් hike සදහා ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.
  • Hike එක සාර්ථක කරගන්න උදව් මේ මගින් ලබාගන්න පුළුවන්. උදාහරණයක් විදිහට විජලනය නොවී ඉන්න උපදෙස් මෙයින් ලබාගන්න පුළුවන්.
  • UV monitor එක ඔයාට උදව් වෙනවා ලොකු UV අනාවරණය වීමකින් ආරක්ෂා වෙන්න. UV අනාවරණය වීම වැඩි නම් ඔයාට ක්ෂණික දැනුවත් කිරීමක් මේමගින් ලැබෙනවා.
  • මෙම band එක මගින් hike කරන ගමන් ඔයාගෙ phone එකේ music apps පාලනය කිරීමේ හැකියාව ලැබෙනවා.
  • Hike එක අතරමග ඔයා නැවතුනොත් band එක ස්වයංක්‍රීයව ඒක හදුනාගෙන වැඩසටහන pause කරනවා.

ඉතින් මේ දේවල් එක්ක hike වලට අලුත්ම අත්දැකීමක් අත්විදින්න පුලුවන් වෙනවා.


3

Comments

comments

1 COMMENT

LEAVE A REPLY