Microsoft විසින් $ මිලියන 250 කට Swiftkey සමාගම මිලදීගැනීමට යන ලකුණු

Microsoft විසින් $ මිලියන 250 කට Swiftkey සමාගම මිලදීගැනීමට යන ලකුණු

2710
1
SHARE
swiftkey

Final Times වෙබ් අඩවිය සදහන් කරන ආකාරයට Microsoft සමාගම විසින් බ්‍රිතාන්‍ය software company එකක් වන Swiftkey සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 250 කට මිලදීගැනීමට සැරසෙනවා.

මේ Swiftkey සමගම ගැන කතා කලොත්, ඔබ අප හැමෝම දන්නා ඉතාමත් ජනප්‍රිය swiftkey keyboard එක develop කර ඇත්තේ මෙම සමාගමයි. දැනට වාර්තා වී ඇති විදියට swiftkey keyboard එක මිලියන 300 කට අධික Android සහ iOS devices වල install කර තිබෙනවා.

මෙම keyboard එකේ විශේෂත්වය නම්, user input කරන ඊළග වචනය නිර්ණය කරගැනීම සදහා Artificial intelligence පාවිච්චි කිරීමයි. මේ වන විටත් ඔවුන් adaptive-learning technologies සහ neural networks පාවිච්චි කරලා ‘experimental’ version’ එකක් release කරලා තියෙනවා.

Microsoft සමාගම විසින් පසුගිය කාලය පුරාවට machine learning, Artificial intelligence වැනි තාක්ෂනයන් තම usersලට ලබා දීම සදහා දිගින් දිගටම ආයෝජනය කෙරුණා. ඒ අතරින් cortana, Bing Prediction Engine මෑතකදී ලබා දුන් services කිහිපයක්. swiftkey සමගම මිලදීගැනීමට තීරණය කර ඇත්තෙත්  එවැනිම දේකට බවයි ආරංචි වෙන්නේ.

කොහොම වුනත් මෙම සමාගම් දෙකෙන්ම  මෙම ගනුදෙනුව ගැන නිශ්චිත ප්‍රකාශ කරලා නැහැ.

“Microsoft will soon announce that it paid $250 million dollars to acquire the London-based developers, netting both founders, Jon Reynolds and Ben Medlock roughly $30 million apiece in the process.”

Source: Financial Times

Comments

comments