පසුගිය සති කිහිපය තුල, Microsoft සමාගම තම සමාගමේ දැරිය හැකි tablets වන Surface 3 සඳහා දීමනා රැසක් පිරිනමන ලදී. ඒ අනුව වර්තමානයේ, එහි සාමාන්‍ය මිලෙන් ඇ.ඩොලර් 100ක් අඩුවෙන් අලෙවි කරනු ඇත. නමුත් දැන් එම වට්ටම දීර්ඝ කරමින්, Microsoft සමාගමේ නවතම tablet එක වන පසුගිය ඔක්තෝබර් මස අලෙවිය ආරම්භ කරන ලද Surface Pro 4 සඳහා ද එම වාසියම ලබාදීමට කටයුතු කොට ඇත.
Save $100 on select Surface Pro 4 devices, until 2/27/16. While supplies last. https://t.co/RfaJBhtpmS pic.twitter.com/8leY8fqNP8
— Surface (@surface) February 7, 2016
නමුත් Microsoftහි tweet පණිවුඩයේ පින්තූරයේ, සියලු Surface Pro 4 මාදිලි සඳහා ඇ.ඩොලර් 100ක මිල අඩු කිරීමක් ලබාගත හැකි යයි සඳහන් වුවද, එහි පණිවුඩයේ සඳහන් කොට ඇත්තේ තෝරාගත් Surface Pro 4 උපාංග වලට පමණක් එම වට්ටම හිමිවන බවයි. ඒ අනුව ඔබට 16GB RAM එකක් සහිත 1TB ධාරිතාවකින් යුතු Intel Core i7 අඩංගු, දැනට මිල ඇ.ඩොලර් 2,699ක් වන Surface Pro 4 මාදිලිය හැරුණු කොට, අනෙකුත් සෑම මාදිලියකටම ඇ.ඩොලර් 100ක මිල අඩුවීම හිමිවේ.
මූලික මට්ටමේ පවතින 4GB එකක් සහිත 128GB ධාරිතාවකින් යුත් Intel Core i3 මාදිලිය සඳහාද මෙම වාසිය හිමිවේ. ඒ අනුව එහි මිල ඇ.ඩොලර් 899 සිට ඇ.ඩොලර් 799 දක්වා අඩුවේ. තවද මෙම දීමනාව පෙබරවාරි මස 27 වන දින දක්වා වලංගු වේ.
තවද Microsoft සමාගම තම Band 2 උපාංගය සඳහාද මිල අඩු කිරීමක් කර ඇත. ඒ අනුව ඇ.ඩොලර් 249.99ක් වන එහි මිල ඇ.ඩොලර් 50කින් අඩු කොට ඇත.
[…] දැන් 1TB version එක හැර අනෙකුත් Surface Pro 4 මාදිලි ස… […]