Ms Surface Phone අලුත්ම සංකල්පයක් ලෙසින්

Ms Surface Phone අලුත්ම සංකල්පයක් ලෙසින්

2458
0
SHARE

Microsoft කියන්නේ හැමදාම අලුත් දේවල් එක්ක ඉස්සරහට යන සමාගමක්. ඔවුන් අලුතෙන්ම සොයාගැනීමක් කරන්නට යන්නේ foldable device කියන නමින්. මුලින්ම කියන්න ඕනේ, මේ නමේ විදිහටම මේක නවන්න පුළුවන්. නවන්න පුළුවන් දුරකතනයක් ගැන මම ඔබට ලිපියක් ලියන්න ඕනේ නැහැ. මොකද මුලින්ම අපි අතගාපු smart phone එක, හුගක් වෙලාවක නවන්න පුළුවන්, නැත්නම් slide කරන්න පුළුවන් එකක්. මේ වගේ යුගයක ඉදන් ආපු අපේ පරම්පරාවට ලැබෙන මේ දුරකථනය screen 2ක් හෝ 1ක් නෙමෙයි screen 3ක් තියෙන දුරකතනයක්.

මේ කට කතා වල ආරම්භය ඇති වුනේ, Andromeda OS කරලියට පැමිණීමත් එක්කම. Microsoft දැන් වසර ගණනාවක ඉඳන් පරීක්ෂණ පවත්වනවා Windows වල consolidated version එකක් ලබා ගන්න. මේකේ codename එක වෙන්නේ Andromeda OS.  මේ කටකතාව patents හා ලැබුණු වාර්තා එක්ක නැවත වරක් තහවුරු වුණා. Twitter විසින් භාවිත කරනවා Walking Cat මේ වගේ විශේෂ තොරතුරු තමන් ලඟට ගන්න. ඔබට පහත දකින්න පුළුවන් Walking Cat විසින් Andromeda OS පිලිබඳ තබන ලද සටහන.

patent බලපත්‍රයක් හිමිවෙන්නේ ඕනෑම නිපැයුමක මුල් අයිතිකරුවට. ඔබ විශ්වාස කරන්න මේ Andromeda Device එක වෙනුවෙන් hinge, camera system, three displays යන සියලුම කොටස් වලට patent බලපත්‍ර ලබාගන්නට සිදුවුණා.  මේ ගැන තවදුරටත් කියවන්න කෙනෙක් කැමතිනම් මෙතනින් ඔබට මේ පිළිබඳව දැනගන්න පුළුවන්.

ඔබට ඉහත දකින්න පුළුවන් කෝමද මේ වෙනස්කම් වෙන්නේ කියන දේ. ඇත්තටම පහත තිබෙන රූප ඔබට තවදුරටත් පැහැදිලි කිරීමක් ලබාදේවි මේ ගැන.

ඔබට මේ රූප බලනකොට පෙන්න ඇති මේ දුරකථනය හැරවෙන විදිහ අනුව මේවගේ screens ගණන තීරණය වෙනවා කියන කාරණාව. Patent එකට අනුව device එකේ hinge එකේ location එක අනුව ඒ කියන්නේ fully folded වෙලාද, fully open වෙලාද, එහෙමත් නැත්නම් angle එකක් ඇතුව open වෙලාද කියන කාරණාව මත ඔබට ලැබෙන screens ගණන වෙනස් වෙනවා. අනික මේ hinge එක පිහිටලා තිබෙන තැන අනුව තුන්වෙනි display එක open වීම වෙනස් වෙනවා.

කාලයාගේ ඇවෑමෙන් මේ දුරකතනයේ නිර්මාණකරුවා වුනු Harry Dohyun Kim විසින් video එකක් නිකුත් කරනු ලැබුවා. මෙය නරඹන ඔබට මේ දුරකථනය ගැන පැහැදිලි වැටහීමක් ලබාගන්න පුළුවන්.

වීඩියෝව බැලුවම ඔබට පැහැදිලි දැනුමක් එන්න ඇති මේ දුරකථන මොන වගේ ආකාරයකින්ද හැඩගැහිලා තිබෙන්නේ කියන දේ. අපිට ලැබුණු ඡායාරුප ගොන්නකුත් මම මේ ලිපියටම එකතු කළා.

1527968208_surface_phone_concept_img2.jpg1527968229_surface_phone_concept_img6.jpg1527968257_surface_phone_concept_img8.jpg1527968253_surface_phone_concept_img7.jpg

නැවත හමුවෙමු…

Source: https://www.neowin.net/news/new-user-concept-imagines-microsofts-rumored-surface-phone

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY