2019දී එන Surface Hub 2 ගැන

2019දී එන Surface Hub 2 ගැන

1994
0
SHARE

Microsoft එක්කම ජිවත් වෙන අයට අලුත් දෙයක් නොවුනත් මේ Surface Hub 2 ගැන පොඩි විස්තරයක් කියන්නම්.

Surface Hub කියන්නේ Interactive White Board එකක්. Microsoft Surface Family එකට ආපු තරමක් වැදගත් කෙනෙක් කියන්න පුළුවන්. 2012 දී ඒ වෙනකොට Microsoft CEO වෙලා හිටපු Steve Balmer තමයි Microsoft Surface හදුන්වලා දුන්නේ. 2012 ආපු Microsoft Surface, 2013 ආපු Microsoft Surface Pro, Microsoft Surface 2, Microsoft Surface Pro 2, 2014 ආපු Microsoft Surface Pro 3, 2015 දී නිකුත් වුනු Microsoft Surface 3 හා Microsoft Surface Hub වලින් තමයි අපේ මේ Microsoft Surface Hub වල කතාව පටන් ගන්නේ.

Microsoft Surface Hub ගැන කතා කලොත් 2015 ජූනි 1 වෙනිදා තමයි මේක release වුනේ.  මේක Models දෙකක් යටතේ පවතිනවා. ඒ 55-inch හා 84-inch විදිහට. 55-inch වලට i5 processor එක ප්‍රමාණවත් වුනත් 84-inch සදහානම් i7 processor එක වැදගත් වුණා. Thurrott වෙබ් අඩවිය ප්‍රකාශ කරන විදිහට “The company has been believed to be working on the Surface Hub 2 for a while, internally known as Aruba. Microsoft plans to announce the new Surface Hub in the first half of this year, and it will bring improved hardware design as well as new software. Microsoft plans on bringing the software features to the original Surface Hub with a software update this year as well.” ලෙස දක්වා තිබුණා. ඔවුන්ට අනුව Surface Hub 2 නිර්මාණය වෙලා තිබෙන්නේ ” Aruba” කේත නාමය එක්ක. අපි Surface Hub වල specifications දැනගෙන හිටියත් අපේ මේ අලුත් Surface Hub 2 වල විස්තර තවම මුකුත්ම නිකුත් වෙලා නැහැ. සුළු කරුණු කිහිපයක් වාර්තා වුණා 50.5-inch 4K display එකක් මේකට ඇතුල් වෙනවා වගේ කරුණු. මේ කරුණ අනුවනම් Surface Hub 1 වලට වැඩිය 2 ඉස්සරහින් ඉන්න බව කියන්න පුළුවන්.

ඒ වගේම මේක Horizontal හා Vertical වලට හරවන්න ඉතාමත් පහසු කරලා තිබෙනවා. මේකේ තුල පවතින 4K කැමරා හැසිරවීම පවා පහසු කරලා තිබෙනවා. මේකේ තුලින් Cortana විධාන හා Skype ඇමතුම් වලට පවා පාවිච්චි කරන්න පුළුවන්. පහත Video එක ඔබට තවත් උපකාරී වේවි.

Source : https://www.neowin.net/news/microsoft-announces-the-new-505-inch-surface-hub-2-coming-in-2019

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY