නිල Facebook App එක Windows 10 Mobile සඳහා නිකුත් වේ

නිල Facebook App එක Windows 10 Mobile සඳහා නිකුත් වේ

2253
0
SHARE

පසුගිය දින Facebook Inc. සමාඟම ඔවුන්ගේ නිල Facebook App එක Windows 10 Mobile සඳහා නිකුත් කරනුලැබුවා. පසුගිය ජූනි මාසයේදී Beta සංස්කරණයක් ලෙස නිකුත් වූ මෙම Facebook app එකට අමතරව Microsoft සමාඟමෙන්ද නිකුත් කරනලද Facebook App එකක් විය. මේවනකොට Microsoft සමාඟම විසින් නිකුත් කරන ලද Facebook App එක Windows Store එකෙන් ඉවත් කර ඇත.

Facebook App එක නිකුත් කිරීමට කලින් Facebook Inc. සමාඟම Facebook Messenger app එකද නිකුත් කරනු ලැබුවා ඒ පසුගිය අප්‍රියල් මාසයේදීය.

කෙසේවෙතත් බැලූ බැල්මට මෙම Facebook App එක පෙනෙන්නේ Apple iOS සඳහා නිර්මාණය කරන ලද Facebook App එකේ පිටපතක් ලෙසය. ඇත්තෙන්ම මේ App එක Facebook සමාඟමේ iOS apps පරිවර්තනය කිරීම සඳහා නිර්මාණය කර ඇති Osmeta අභ්‍යන්තර මෙවලම භාවිත කරමින් මෙලෙස පරිවර්තනය කර ඇත.

සුභ ආරංචියනම් දැන්ස Facebook Inc. සමාඟම Windows 10 සඳහා ඔවුන්ගේ නිල Facebook, Messenger හා Instergram apps නිකුත් කර සිටීමයි.

Facebook App එක මෙතනින්ක Download කරගන්න

Neowin.net ඇසුරිනි

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY