Microsoft සමාඟමේ ඔබ අප කවුරුත් දන්නා AR/VR උපාංගය වන Microsoft HoloLens උපාංගය නිර්මාණයට යොදාගත් අභ්‍යන්තර Hardware කොටස් පිළිබඳ Microsoft සමාඟම තොරතුරු රැසක් හෙලිකර සිටියා.
ඒ අනුව HoloLens එක නිපදවීමේදී එයට HPC එනම් Holographic Processing Unit ලෙස හැදින්වෙන Custom ප්‍රොසෙසරයක් යොදාගෙන ඇති අතර එම ප්‍රොසෙසරයේ Cores 24 කින් සමන්විතවේ. මෙහි තාර්කික ද්වාර මිලියන 65 ඇති අතර මෙම ප්‍රොසෙසරයේ විශාලත්වය නැනෝමීටර 24 තරම් කුඩාවේ.මේ ප්‍රොසෙසරය Tensilica ආයතනය විසින් HoloLens එක සඳහාම(Custom Made) නිෂ්පාදනය කර ඇති අතර, එක් එක් Sensors මගින් අඛණ්ඩව ලැබෙන දත්ත Process කරනුලබයි. මෙම HPC එකේ තත්පරයට ගණනය කිරීම් ට්‍රිලියන 1 සිදුකරීමට තරම් බලවත්ය. තවද මෙහි මතකය (RAM) 1GB වන අතර එය Low Power DDR 3 මාදිලියේ එකකි.
තවද මෙහි සිත් ඇදගන්න සුලු කරුණ වන්නේමෙහි HPC එකට Processing සඳහා අවශ්‍යවන බලය 10 W ටත් වඩා ඉතාකුඩාවීමයි.
ඇමරිකා එක්සත් ජනපදය තුලදී ඔබට මේ HoloLens එක Developer Edition එක මිලට ගත හැකි අතර මෙහි වටිනාකම ඇමරිකානු ඩොලර් 3000 ක් වේ.
පිටපත NeoWin ඇසුරිනි