Microsoft සමාගම Build 2016 සමුළුවේ Keynotes සහ සැසිවල සම්පූර්ණ ලැයිස්තුව නිකුත් කරයි

Microsoft සමාගම Build 2016 සමුළුවේ Keynotes සහ සැසිවල සම්පූර්ණ ලැයිස්තුව නිකුත් කරයි

2040
0
SHARE

එළඹෙන සතියේ, Microsoft සමාගම තම වාර්ෂික developer සමුළුව එක්සත් ජනපදයේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පැවැත්වීමට නියමිතයි. තම සමාගමේ platforms සහ නිෂ්පාදන පිළිබඳ උනන්දුවක් ඇති අය සඳහා එම දින කිහිපය, කුතුහලය දනවන දින කිහිපයක් වන බවට Microsoft සමාගම පොරොන්දු වෙයි.

මෙම උත්සවය මාර්තු 30 වන දින සිට අප්‍රේල් 1 දින දක්වා පැවැත්වෙන අතර, අද දින Microsoft සමාගම එහි අඩංගු සැසිවල සම්පූර්ණ ලැයිස්තුව නිකුත් කරන ලදී. එයින් මෙම සමුළුව සඳහා සහභාගි වීමට ඇ.ඩොලර් 2195ක් වැය කරන developersලා හට විශ්මය සහ සතුට ගෙන දෙන ඒම බලාපොරොත්තු වේ.

එහි ප්‍රධාන keynote එක මාර්තු 30 වන දින පැසිෆික් වේලාවෙන් උදෑසන 8.30ට පැවැත්වීමට නියමිත අතර, එහිදී තම විශාලතම දැනුම්දීම සිදුකිරීමට Microsoft සමාගම බලපොරොත්තු වේ. නමුත් ඉන්පසුව එළඹෙන දින හා පැය තුල, Windows 10, Xbox One, Universal Windows Platform, HoloLens සහ තවත් බොහෝමයක් දෑ සඳහා වන එම සමාගමේ සැලසුම් පිළිබඳ වැඩිදුර තොරතුරු හෙලිදරව් වනු ඇත.

Build 2016 සඳහා ප්‍රවේශපත්‍ර මිනිත්තුවක් වැනි සුලු වේලාවකින් වෙන් කොට අවසන් විය. නමුත් මෙම වසරේ සහභාගි වන්නන් හට පසුගිය වසරවල නොමිලේ ලබාදුන් Surface Pro tablet, Xbox One සහ වෙනත් උපාංග මෙන් hardware ත්‍යාගයක් හිමි නොවනු ඇත. එහි අරමුණ ලෙස එම සමාගම සඳහන් කරන්නේ developersලා සඳහා ගැඹුරු තාක්ෂණික අත්දැකීමක් ඉදිරිපත් කිරීමයි.

Build 2016 සමුළුවේ වැඩි විස්තර සඳහා Windows Geek අප සමග නිරතුරු රැඳී සිටින්න.

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY