ඉදිරි පරිගනක hardware සඳහා පැරණි Windows versions සහය ලබාදීම Microsoft සමාගම අත්හිටුවයි

ඉදිරි පරිගනක hardware සඳහා පැරණි Windows versions සහය ලබාදීම Microsoft සමාගම අත්හිටුවයි

2514
0
SHARE

Windows 10 වෙත සැමදෙනාම එකතු කිරීමේ Microsoft සමාගමේ තවත් එක් ව්‍යායාමයක් ලෙස, පසුගිය සිකුරාදා දින ප්‍රකාශයට පත් කල පරිදි, එම සමාගම සහය දැක්වීම පිළිබඳ නීතිරීති වෙනස් කොට ඇත. එනම් ඉහත මාතෘකාවේ පරිදි, ඉදිරියේදී කරලියට පැමිණෙන පරිගනකයන්හි hardware සඳහා Microsoft සමාගම විසින් නිකුත් කල පැරණි Windows versions සහය දැක්වීම අත්හිටුවා ඇත.

මේ වන විටත් මිලියන 200කටත් අධික උපාංග රැසක Windows 10 භාවිත වුවද, Microsoft සමාගම වෙත ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් අවශ්‍ය බව පැහැදිලිය. ඒ සඳහා ඔවුන්ගේ පසුගිය උත්සාහයන් දැඩි බවක් නිරූපණය වුවද, ඉන් නොනැවතී තවත් එක් ක්‍රියාමාර්ගයක් ගෙන ඇත්තේ පැරණි operating systems භාවිත කරන්නගේ ඒ සඳහා වන රුචිකත්වය සමග නැවත කටයුතු නොකරන අරමුණෙනි.

සාමාන්‍ය පාරිභෝගිකයන් තම hardware සහ software නවීකරණය කිරීමට ඉක්මන් වුවද, ව්‍යාපාර සාමාන්‍යයෙන් එසේ නොවන අතර ඒ සඳහා වසර ගත විය හැක. නමුත් නව Microsoft සමාගම එලෙස ඉවසිලිවන්ත නොවන අතර, පැරණි Windows version සඳහා වන hardware requirements වෙනස් කර ඉදිරි නව උපාංග සඳහා Windows 10 හඳුන්වාදී ඇත.

“Compared to Windows 7 PC’s, Skylake when combined with Windows 10, enables up to 30x better graphics and 3x the battery life – with the unmatched security of Credential Guard utilizing silicon supported virtualization.”

කෙසේ වුවත් Windows සහ Windows 8.1 වෙත 2020 වසරේ ජනවාරි මස 14 වන දින සිට 2023 වසරේ ජනවාරි මස 10 වන දින දක්වා updates ලැබීමට නියමිතව ඇත. එමෙන්ම Microsoft සමාගම, Windows 10 වෙත පරිවර්තනය වීමට කැමති ව්‍යාපාර සඳහා උපකාරයක් ලෙස, 2017 වසරේ ජූලි මස 17 වන දින දක්වා Windows 7 සහ Windows 8.1 වෙත සහය දක්වන විශේෂිත වූ නව Skylake උපාංග ලැයිස්තුවක් සකස් කරනු ලැබේ.

“Going forward, as new silicon generations are introduced, they will require the latest Windows platform at that time for support. This enables us to focus on deep integration between Windows and the silicon, while maintaining maximum reliability and compatibility with previous generations of platform and silicon. For example, Windows 10 will be the only supported Windows platform on Intel’s upcoming “Kaby Lake” silicon, Qualcomm’s upcoming “8996” silicon, and AMD’s upcoming “Bristol Ridge” silicon.”

Microsoft සමාගමට සහය දැක්වීමේ නීතිරීති වෙනස් කිරීම අලුත් දෙයක් වුවද, සිකුරාදා දින Terry Myerson විසින් එය ඉදිරිපත් කරමින් කියා සිටියේ ඔවුන් හට hardware සහ softgware අතර ඇති පරතරය අවම කිරීමට අවශ්‍ය බවත්, Windows 10 සඳහා upgrade කිරීමට කැමැත්තක් නොමැති වුවත්, එමගින් නව තාක්ෂණය සහ ඒ මත හොඳම software ක්‍රියා කිරීම සඳහා Windows 10 නැමැති නව operating system මගින් ඉඩකඩ සලසා දෙන බවත්ය.

මෙමගින් භාවිත කරන්නන් හට හා ව්‍යාපාරිකයන්ට Microsoft සමාගමෙන් ඉදිරියේදී බලාපොරොත්තු විය හැකි දේ පිළිබඳ වඩා හොඳ විනිවිදභාවයකින් යුක්ත අදහසක් ලබාගත හැක. Microsoft සමාගම, ව්‍යාපාර, Windows 10 වෙත මාරුවීමේදී සිදුවන කල්ගත වීම සඳහා සහනයක් ලබාදීමට කටයුතු කරයි.

“In clarifying this policy, we are prioritizing transparency with enterprises on where to find the highest reliability and best supported Windows experience: Windows 10 on any silicon, Windows 7 on the down-level silicon it was designed for, or a device on the support list.”

Windows Blogs අනුග්‍රහයෙනි.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY