ප්‍රවෘත්ති කියවන්න වෙලාවක් නැති ඔබට අහන්න අවස්ථාවක් Microsoft වෙතින්

ප්‍රවෘත්ති කියවන්න වෙලාවක් නැති ඔබට අහන්න අවස්ථාවක් Microsoft වෙතින්

2361
1
SHARE

Microsoft සමාගම NewsCast නමින් හදුන්වන නව app එකක් පරීක්ෂා කරමින් සිටිනවා. එහි කාර්යය කෙටියෙන් කිවහොත් ප්‍රවෘත්ති සම්පිණ්ඩනය කර playlist එකක් සකසා ඔබ වෙනුවෙන් කියවනු ලබනවා. Neowin වෙබ් අඩවියට අනුව මේ app එක Microsoft Azure Web Sites domain page එකක් හරහා download කිරීමට හැකි වෙලා තිබෙනවා. මෙම වැඩසටහන සකසා තිබෙන්නේ Bing Team එක බව වැඩිදුරටත් සමාගම එම පිටුව තුල පවසා තිබුනා. රිය පදවන විටදී වුවත් මෙයට සවන්දිය හැකි වීම විශේෂත්වයක්. අවාසනාවකට මේ app එක download කිරීමටනම් දැන් හැකියාව නැහැ. නමුත් Neowin වෙබ් අඩවිය එහි screenshots කීපයක් ලබා ගෙන තිබෙනවා.

වාර්තා වන අන්දමට NewsCast app එක Bing text-to-speech තාක්ෂනය යොදා ගන්නවා. Azure හරහා download කිරීමට තිබු මේ app එක iOS සඳහා පමණක් වීම විශේෂත්වයක්. බොහෝ විට බොහොමයක් Microsoft සේවකයන් භාවිත කරන්නේ iOS උපාංග වීම මෙයට හේතු වන්නට ඇති.

Comments

comments