Microsoft සමාගම  ඔවුන්ගේ Data centers  වලට renewable energy භාවිතා කිරීමට  යොමුවෙයි

Microsoft සමාගම  ඔවුන්ගේ Data centers  වලට renewable energy භාවිතා කිරීමට  යොමුවෙයි

1432
0
SHARE

අද අපි කතා කරන්න යන්නේ Microsoft  සමාගමෙන් කරන අලුත්ම වැඩක් ගැන. පසුගිය සතියේ Microsoft සමාගම නිවේදනයක් කරා මේ පිළිබඳව. ඒ තමයි එයාලගේ Cheyenne, WY හි පිහිටා තිබෙන data center එක සම්පුර්ණයෙන්ම වැඩ කරන්නේ සුළන් බලයෙන් බව. ඒ කියන්නේ පුනරජනනය කරන්න පුලුවන් ශක්තිය (renewable energy ) තමයි භාවිතා වෙන්නේ. එයාලගේ සැලසුම් වලට අනුව 2018 පමණ වෙනකොට ඔවුන්ගේ මුළු ශක්ති පරිභෝජනයෙන්  50% ක්  renewable energy භාවිතා කරන්න එයාලා බලපොරොත්තු වෙනවා.

 

Microsoft සමාගම Cheyenne data center එක සම්පූර්ණයෙන්ම සුලං බලයෙන් දුවවන්න දැනට සුලං ශක්ති ධාරිතාවයෙන් අමතර 237 megawatts අරගෙන තියෙනවා කියලා නිවේදනය කරලා තියෙනවා. ඒ අනුව මුලු ඇමරිකා එකසත් ජනපදය හරහා සියලුම  data centers වලට  ඔවුන් භාවිතා කරන මුලු ධාරිතාව 500 megawatts දක්වා වැඩි කරගෙන තියෙනවා.

 

Renewable energy වලට ඔවුන් යොමුවීම ඔවුනට පමණක්ම නොව, local communities වලටත් ලොකු උදව්වක් වෙයි කියලා ඔවුන් විශ්වාස කරනවා.මෙහිදී සඳහන් කලයුතු තවත් වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි Microsoft සමාගම Black Hills Energy කියන සමාගමත් එක්ක partnership එකක් ඇතිකරගෙන තියෙනවා. ඒ අනුව Microsoft data centers, ද්වීතීක ශක්ති ජනකයක් විදිහට භාවිතා කරන්න අවසර දීලා තියෙනවා. හදිස්සියෙවත් demand එක ගොඩක්  වැඩි වුනොත්  energy supplier ට , Microsoft  data center එක back-up natural gas-powered generators හරහා  secondary energy producer කෙනෙක් විදියට භාවිතා කරන්න පුලුවන්.

1479215263_microsoft_renewables_us_info_story

මෙම ක්‍රියාව ශක්ති උත්පාදක සමාගම් වලට වගේම සමාජයටත් වාසිදායක ක්‍රියාවක් බවයි Microsoft සමාගම පවසන්නේ. ශක්ති උත්පාදක සමාගම් වලට මේ තුළින් renewable energy සඳහා නිදහසේ ආයෝජනය කරන්න පුළුවන් වෙන අතරේ සාමාන්‍ය පුද්ගලයන්ට අඩු වියදමකට ශක්තිය පරිභෝජනය කරන්නත් අවස්ථාව හිමි වෙනවා.

Source:  neowin.net

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY