Outlook.com සඳහා අලුත් features හඳුන්වා දෙනවා කියලා Microsoft සමාගම නිවේදනය කරා. ඒ උනත් මේ පුවතින් Outlook.com භාවිතා කරන හැමෝටම දැන්මම සතුටු වෙන්න බෑ .හේතුව නම් ,මේ features ලබා දෙන්නේ අලුත් Outlook.com සඳහා වීම .ඔයා තාමත් භාවිත කරන්නේ පරණ version එක නන් Microsoft සමාගම ඒක යාවත්කාලීන (update) කරන තෙක් ඔයාට ඉන්න වෙනවා.
දැන් ඔයාට Outlook.com හරහා ඔයාගේ Google Drive ගිණුම සමඟ සෘජුවම සම්බන්ධ වෙන්න පුළුවන් . මේ සඳහා ඔය මුලින් add an attachment තෝරාගෙන, ඊටපසු Drive කියන විකල්පය තෝරාගෙන ඔයාගේ ගිණුමට ඇතුළුවෙන්න.ඔයාට කව්රුහරි Google Docs, Sheets, හෝ Slides තුළින් file එකක් එව්වොත් දැන් ඔයාට පුළුවන් Outlook වලම ඒක විවෘත කරන්න.ඒ වගේම නිසියාකාරයෙන් ඔයාට අවසර තිබුනොත් edit කරන්නත් හැකියාව තියෙනවා.
Google Drive ගිණුම වගේම Facebook ගිණුමත් Outlook සමඟ භාවිතා කරන්න ඔයාට දැන් හැකියාව තියෙනවා Outlook හරහා Facebook ගිණුමට sign in උනාට පසු එහි තිබෙන photos ඔයා ඇතුලත් කරලා තියෙන album එක අනුව තෝරාගෙන ඒවා ඔයාගේ email වලට attach කරන්නත් පුළුවන් .
Outlook.com සඳහා වු අලුත් features වලින්, දිගු සංවාද වල ඇතුලත් attachments සොයාගැනීමේදී පත්වෙන අපහසුතාවයටත් විසඳුමක් ලබා දීල තියෙනවා. Thread එකක icon එකක් click කරාම attachment තියෙන drop-down ලැයිස්තුවක් ලබා දෙනවා.ඔයාට තියෙන්නේ අවශ්‍ය attachment එක ඒ තුලින් තෝරාගන්න විතරයි.
අලුත් version එක භාවිතා කරන හැමෝටම මේ featutes මීළඟ සති කිහිපය තුළ නිකුත් කරන බව Microsoft සමාගම ප්‍රකාශ කරා. ඒ වගේම ඔවුන් පවසන්නේ දැනටමත් මේ අලුත් අත්දැකීම ලබපු පරිශීලකයන් ප්‍රමාණය 90% පමණ වෙනවා කියලා.
souce:neowin.net
[…] […]