Rudy Huyn, Windows Mobile App වීරයා

Rudy Huyn, Windows Mobile App වීරයා

3062
1
SHARE

“ඔව් ලියන්න,
ආපහු ලියන්න,
Cut කරන්න,
Paste කරන්න,
විසි කරලා දාන්න,
කැමති විදියකට ඕනම දෙයක් කරන්න”

අද කියන්න යන්නේ එහෙම හිතලා ඉහළටම ගිය App වීරයෙක්  ගැන,Rudy Huyn, මෙයා ගැන ඇහුවට පස්සේ හැමෝටම වීරයෙක් වෙන්න බැරි කමක් නෑ කියන එකත් දැනේවී.

Huyn ගේ මේ app හැදිල්ලේ කලාව නම් හරිම සරල සැහැල්ලු එකක්.දවසක් එයා මෙහෙම කතාවක් කිව්වා ඒ ගැන අහපු වෙලාවක,

“මට හිතෙන දේ මම කරනවා.. මම App හදන්නේ මට අවශ්‍යයි කියලා හිතෙන දේ මම කැමති විදියට..”

කොහොම වුනත් තමන් කරන වැඩේ සතුටෙන් උනන්දුවෙන් කරන ඔහුට හැම උත්සාහයක්ම ඔහුගේ උනන්දුව උද්යෝගය වැඩි කරන සාර්ථක නිර්මාණයක්. එක් පැත්තකින් බැලුවම සතුට මුසු වූ කුතුහලයෙන් කරනවානම් කිසිම දෙයක් මහ ලොකු වැඩක් නෙමෙයි. වයස අවුරුදු 31 වූ මේ අපූරු French Developer ,Instagram, Vine සහ Tinder වගේ ජනප්‍රිය Windows Phone Apps රාශීයකට හිමිකම් කියනවා. Instagram වගේ ඔහුගේ සමහර Apps ඔබත් භාවිතා කරනවට කිසි සැකයක් නෑ. අහ්! තව දෙයක් තියෙනවා. ‘6’ තමා එයාගේ ජනප්‍රියම අංකය. ඉතින් එයා ටිකක් වෙනස්නේ කොහොමත්, මේ ‘6’ එයාගේ විදියට තමා එයා භාවිතා කරන්නේ. “6tag, 6sec, 6tin”. හයම ගත්තේ ඇයි කියලනම් එයාම තමයි දන්නේ.

ඔය ඉන්නේ ඒ වැඩකරු තමයි. පසුගිය නොවැම්බර් මාසයේ තෙවන වරට පැවැත්වූ Most Valuable Professional Summit එකේ පොඩි fashion එකක් දාගෙන, කොන්ඩෙ එහෙමත් ටිකක් Spike කරගෙන ඇවිත් හිටියා. ගෑණු ළමයින්ගෙන් නම් කොල්ලව බේරගන්න ටිකක් අමාරු වෙයි වගේ.

ඇත්තටම Huyn ගේ නිර්මාණවලට හේතුව හොයල බැලුවොත් හොඳින්ම පැහැදිලි වෙනවා මේ App එයාට උවමනාවට හදන්න පටන් ගත්තු ඒව බව. කොහොම වුනත් දැන් ඒ ගොඩක් Apps ලෝකෙම ඉන්න අය භාවිතා කරනවා. Huyn  ගේ ළමා කාලෙට එබිල බලුවොත් එයාගේ මේ අපූරු හැකියාවටම ගැළපෙන පසුබිමක් ලබන්න තරම් එයා වාසනාවන්ත වුනා. Huyn  ගේ සීයා කලාකරුවෙක් ඉතින් පුංචි කාලේ Huyn,  සීයා අඳින චිත්‍ර දිහා බලාගෙන හිටියා. සීයා නම් හිතන්න ඇති පොඩි මුණුබුරත් කවදහරි හොඳ කලාකාරයෙක් වෙයි කියලා. ඔව්, අමුතුම කලා කාරයෙක් තමයි. “Apps හදනවා කියන්නෙත් හරියටම එකම දේ තමයි. Brushes නෑ, සුදු පාට කඩදාසි නෑ. මට තියෙන්නේ මගේ PC එකයි, Page එකයි විතරයි. ඉතිං මම ඒවයෙන් මොනවාහරි හදනවා. Developersලා කියන්නෙත් artistලාම තමයි. අපි ගනු දෙනු කරන්නේ numbers එක්කයි.” දවසක් Huyn  එහෙම කිව්වා.

ඔහුගේ මෙම කලාව පුහුණු වුනේ ප්‍රංශයේ පිහිටි නගරයක් වන Rennes හි එයාගේ apartment එකේ ඇඳට වෙලා හරිම සැහැල්ලුවෙන්. ඔහුගේ ඉංජිනේරු උපාධිය ලැබුන පසු ඔහු TV set-top boxes සඳහා software සාදයි. ඒ අතරම විනෝදය පිණිස ඔහු Mobile apps develop කරයි. නමුත් ඒ වැඩේ පටන් ගත්ත දවසේ සිටම ඔහුට Android සහ iOS App Development Tools එක්ක වැඩ කරන එක කම්මැලි වැඩක් වුනා. ඉතිං C# තනියම ඉගෙනගෙන Windows Phone Software Development Kit(SDK) එක නිකුත් කලා. “මම කිව්වනේ මේ තමයි මගෙ අලුත් ජීවිතය.” ඔහු පවසයි.

Huyn පළමුවෙන්ම Windows Phone වලට හදපු App එක තමයි Fuse. කොහොමහරි  වැඩිකාලයක් යන්නට පෙර ඔහු එහි වැඩ අවසන් කළා. ඒත් එකවරම Release කරන්නට Huyn වැඩි කැමැත්තක් දැක්වූයේ නෑ. ‘ඒක හැදුවේ මගේ වැඩ වලට ඉතින් එකපාරම Release කරන්න බෑනේ. ටිකක් Test කරන්න ඕනේ.’ Huyn එහෙම කිව්වා. කෙසේවෙතත් ඔහුට කෙටිකාලයකින් ලැබුනු දහස් ගනන් ප්‍රතිචාර වලින් මේ තරුණයා පුදුමයෙනුත් පුදුමයට පත්වුනා. ” I like this Application,Please make more Applications” ඒක සුලභ ප්‍රතිචාරයක් උනා.

Huyn තවදුරටත් අභියෝග සොයමින් භාරගනිමින් ඉදිරියට ගියා.ඒ අතරම French Web Site දෙකක් වඩාත් සමීප කරගනිමින් තමන් කරන වැඩවල හොඳනරක පිළිබඳව වඩාත් විශ්වාසවන්ත Feed-back එකක් ගන්නට Huyn වාසනාවන්ත වුනා. “Huyn  ඔයා මෙහෙම කළොත් හොඳයි”, “මෙන්න මේ Feature එක add කලානම් වටිනවා” ලෙස වඩාත් සමීප fansලා සමූහයක් ඔහු වටා රොක් වුනා. Huyn බොහොම උපේක්ෂාවෙන් ඔවුන්ට සවන්දුන්නා. ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කළා. ඔහුගේ ඉදිරි ගමන දෙතුන් ගුණයකින් වේගවත් කරන්නට ඔහුගේ මේ නිහතමානී බව අත්වැලක් වුනා.

Huyn ඊළඟ වැඩේටත් අතගැහුවා දෙපාරක් නොහිතම ,TV Show. අවශ්‍යතාවය වුනේ ඊළඟට එන TV show Episode වල Summary එකක් පළකිරීමත්  ඒ Episode එක බැලුවට පස්සේ ඒ පිළිබඳව Summary එකක් කරන්න Discussion Board එකක් සකස් කිරීමත්. උවමනාව තියනවනම් කරන්න බැරි වැඩක් නෑ. Huyn ට දවස් දෙකක් යන්න කළින් වැඩේ ඉවර කරගන්න පුළුවන් වුනා.” A lot of Users download it and like it,It’s pretty cool” Huyn පැවසුවා. කොයිතරම් ජනප්‍රියද කියනවනම් තාමත් ඒක Windows Phone Store වල තියෙනවා.

පළමුවෙන්ම Huynට Joe Belfiore මුණගැසුනේ Barcelona වල පැවති Mobile World Congress එකේදී. Joe Belfiore කියන්නේ  Microsoft’s Operating System Group එකේ Corporate Vice President. Belfiore ඇත්තෙන්ම ප්‍රමෝදයට පත්වුනා Huyn ගේ මේ අමුතු තාලයේ වැඩ පිළිබඳව. Huyn ගේ Speed එකයි නිර්මාණාත්මක අදහස් ගැනයි Belfiore වඩාත් සතුටට පත්වුනා.

“දැන් ඇත්තටම ඕනම විදියේ වැඩක් කරන්න පුළුවන් විදියේ tools තියෙනවා. උදාහරණ විදියට කිව්වොත්  Blend for Visual studio, design Library වගේ ඒවා තනි developer කෙනෙකුට වුනත් ප්‍රබල සංකීර්ණ දෙයක් කරන්න v tools ප්‍රමාණවත්. වැදගත්කම තියෙන්නේ platform එකේ කෙතරම් නිර්මාණශීව ඒ ideas හසුරුවන්න පුළුවන්ද කියන එක.

පසු කාලයකදී Intagram, Windows Phone අරගත්තා. Windows Phone Intagram Acquire කරන්න කලින්ම Belfiore කියල තිබුනා Huyn ගේ හැම App එකක්ම එයාගේ Project වලට ඉහලින්ම යොදාගන්නවා කියලා. අලුත් Developer කෙනෙකුට ඊට වඩා අස්වැසිල්ලක් තියෙනවාද. ” Huyn ගේ  මේ නිර්මාණශීලි බවයි Reverse-engineering ability එකයි ඉතාම කාලාතුරකින් ඇතිවන සම්මිශ්‍රණයක්. “For third party Apps this is Super rare combination” Belfiore ප්‍රකාශ කලා.

Huyn ගේ මේ අව්‍යාජ නැවුම් අදහස් වල ප්‍රථිඵලයක් ලෙස මේ වනවිට Market Place එකේ හොඳ තැනක් දැන් ඔහුට හිමිවෙලා තියෙනවා. මෑතකදී ඔහුගේම කියලා Company එකක් දාගන්නත් Huyn ට පුළුවන් වුනා. Huynටත් ප්‍රශ්න ගැටළු නොතිබුනා නොවේ. නොවැටී ඉදිරියට යාමයි වැදගත්”. එයා එයාගේ Company එක නම් කරලා තියෙන්නේ “6studio” කියලා. Microsoft Phone platform එක වැඩි දියුණු කරන්න දායක වීමට Huynට අවස්ථාවක් ලැබීම මේ ආපු ගමනේදී Huynගේ විශේෂ මඟ සළකුණක්. ඒ ගැන Huyn මතක් කරන්නෙත් ඉතාම සතුටකින්.

“හිතන්න එපා හැමදේම වාසනාව කියලා. ඒකට උත්සාහය කැපවීම තිබීම අතිශය වැදගත්. පැමිණෙන අභියෝග ස්වාධීනව වැඩකරන ඔහුගේ ගමන තවත් ඉහළට ගෙන යන බලවේගයක් කරගන්නට තරම් දක්ෂ වීම දියුණු වෙන්න ආස ඕනම කෙනෙකුට ගන්න පුළුවන් හොඳ ටිකක් අමුතු තාලයේ ලස්සන ආදර්ශයක්.”

Huyn තමන්ගේ මේ ජයග්‍රහණ පිලිබඳව තවත් වැදගත් දෙයක් කිව්වා. “Apps හදනවා කියන්නේ ටිකක් හිතන්න ඕන, නිර්මාණශීලී තරමක් වෙහෙසකර දෙයක්, ඒත් වැඩ අවසන් වෙනකොට දැනෙන සතුට නම් පැහැදිළි කරන්න බෑ. හැමෝටම Apps හදන්න බැරි වෙන්න පුළුවන්.ඒත්  ඕන කෙනෙකුට පුළුවන් දෙයක් තියෙනවා. ඒක වැඩි දියුණු කරගන්න ඕන. “හොඳයි අපි මෙහෙම හිතමුකෝ, ඔයා මේ සතියේ කිලෝමීටර 8ක් දුවනවා. ඊළඟ සතියේ උත්සහ කරන්න ඕන ඊට වඩා තව කිලෝමීටරයක් හරි දුවන්න. නැත්නම් ඒ කිලෝමීටර 8 ගිය සතියේ දිව්වට වඩා අඩු කාලයකින් දුවන්න.

ඒ විදියට තමන්ටම තමන් අභියෝගයක් කරගන්නවානම් Effective Outcome එකක් ලබෙනවා. ඒක උද්‍යෝගය වැඩිදියුණු වෙන්නත් හේතු වෙනවා. “මට හැමදාම එකම දේ කරන්න ඕන නෑ. මට ඕන වඩා හොඳ දෙයක් කරන්න. ඒනිසා අලුත් තාක්ෂණය හොයාගෙන යෑමත් මට ගොඩක් වැදගත්.” Huyn කිව්වා.

Huyn කුතුහලහෙන්  බලාගෙන ඉන්න කෙනෙක් ,Huyn අභියෝග හොයමින් ඉදිරියට යන කෙනෙක්. විශේෂයෙන්ම Microsoft  එකෙන් අලුත් දෙයක් ඉදිරිපත් කරනකම් ඉන්නේ එයට නොදෙවෙනි වෙන්න තම හැකියාවන් පෙන්වන්න. “ඒක තමා මගේ Game එක” Huyn කියන්නේ එහෙමයි. ඇත්තටම ඒක වැඩකාරයෙක් කියලා පෙන්වන්න කරන වැඩක් නොවේ. හැමවෙලාවෙම එයා එයාවම අලුත් කරගන්න හදාගත්ත වැඩක්. Huyn කියන්නේ PC එක ඉස්සරහම දවස ගෙවන කෙනෙක්ම නොවේ, පරිසරය සුලඟ බටහිර ප්‍රංශයේ ශීත දේශගුණය Huyn තදින්ම ඇලුම් කරන අනෙක් දේවල්. ඒ වගේම MVP සමුළුව ඔහුගේ ජවය තවත් වැඩි කරනවා.

“මට මේක Disneyland එක වගෙයි. Windows Phone Developer කෙනෙක් මුණගැසෙන හැම වෙලාවෙම photo එකක් අරගෙන ස්තූති කරන්න මට ඕනේ.” ඔහු පවසයි.

Microsoft Stories ඇසුරෙනි

Comments

comments

1 COMMENT

LEAVE A REPLY