SharePoint එක්ක ආයෙත් නැගිටින Microsoft VR

SharePoint එක්ක ආයෙත් නැගිටින Microsoft VR

1610
0
SHARE

Microsoft Mixed Reality Platform එකට මොකද උනේ? Windows 10 Fall Creators Update එකත් එක්කම headsets අපිට දකින්න ලැබුනත්, මේ හැම එකක්ම solid headsets. ඔබට මතකනම් මම මගේ මුල්ම ලිපි වල පවා VR headset ගැන ලිපි ලියලා තිබුනත් සැහෙන කාලෙකින් කිසිම ලිපියක් ලියන්න ලැබුනේ නැහැ. VR නිර්මාණය වීමත් එක්කම ඒවගේ මිල පහත වැටෙන්නට පටන් ගත්තා. මේ සමගම ඔවුන් කොතරම් ප්‍රමිතියකින් යුතුව මේවා නිර්මාණය කලත් ඔවුන්ට අවශ්‍ය වූ තරම් වෙළඳපොළක් ලබාගැනීමට හැකි වුයේ නැහැ.

“We’re still at the beginning of this, and we’re really excited by the response” මේ විදිහට ප්‍රකාශ කලේ Greg Sullivan. ඔහු තමයි  Microsoft හි  Windows Devices Platform සම්බන්ධ අධ්‍යක්ෂක විදිහට කටයුතු කරන්නේ. 2018 අප්‍රේල් මාසයේ පැවැත්වුණු Build Developer Conference එකේදී පවා නැවත වරක් Mixed Reality ගැන කතා බහට ලක් කළා. ඔහු පවසනවා 2016දී ඔවුන් Hololens සමග කෙතරම් ඉදිරියෙන් සිටියාද යන වග. ඒ තමයි ඔවුන් Oculus Rift හා HTC Vive කරලියට එන්න කලින් ඔවුන් VR ලෝකයේ රජවරු වුණා. Microsoft Hololens බිඳ වැටීමට හේතු ඔහු විසින් නැවත විස්තර කරනු ලැබුවා. ඔවුන් විසින් එකතු කරපු මිල අධික අමුද්‍රව්‍ය, මේ නිසා අධික ලෙස ඉහල ගිය භාණ්ඩ මිල, ඒ වගේම ඉල්ලුමට සැපයුම ලබාදීමට නොහැකි වීම මේ අතර ප්‍රධානයි. මේක ලෝකයේ අලුතින් කරන ඕනෑම digital නිපයුමකට වෙන්න පුළුවන් විදිහේ දෙයක්.

“For my money, the more potentially interesting opportunity is in these commercial scenarios. As you know, we take a long-term view on a lot of these things. When I started at Microsoft, I was a network systems engineer for LAN Manager 2.0 doing the Network Operating System business. … It took us about 10 years of continued commitment against a lot of odds. Now nobody questions if MS is a credible systems vendor. The same dynamic happened with Xbox, I think.” VR පාවිච්චි කරන්න තියෙන එකම විදිහ ක්‍රීඩා වලට පමණක්ම නෙමෙයි. Greg ගේ අදහස තිබෙන්නේ වාණිජමය පැතිකඩකට යොමුවෙන්න.

අපිට පුළුවන් 3D model එකක නිර්මාණයට වගේම අංශක 360 වීඩියෝවක් සඳහා මේ SharePoint පාවිච්චි කරන්න. මේවා බලන්න ඔබට පුළුවන් Mixed Reality headsets පාවිච්චි කරන්න. ඔබට උදාහරණයක් කිවොත් අපි අපේ ව්‍යාපාරයේ යම් පියවර සඳහා PowerPoint පාවිච්චි කරනවා වගේ. ඒ කිවේ SharePoint පාවිච්චිය PowerPoint තරමටම පහසුයි. ඔබට පුළුවන් blank project එකක් පටන් අරගෙන ගැලපෙන template එකක් අරන් එක ඔබේ VR වැඩේට ගැලපෙන විදිහට වෙනස්කරගන්න. background imagery, lighting හා sounds ඕනේ විදිහකට එකතු කරගන්න පුළුවන්. ඔබට විනාඩි කිහිපයක් ඇතුලත ලස්සන 3D video එකක් නිර්මාණය කර ගැනීමේ හැකියාව පවතිනවා. විශේෂත්වය වෙන්නේ ඔබට 3D video making දැනුම බින්දුවක්වත් අවශ්‍ය වන්නේ නැති කම.

SharePoint කියන්නේ VR වල Hololens වල අප නොදුටු පැත්තක් කියන්න පුළුවන්. ඉදිරියටත් VR හා Sharepoint ගැන ලියන්න බලාපොරොත්තු වෙනවා.

නැවත හමුවෙමු…

Source : https://www.engadget.com/2018/05/21/microsoft-sharepoint-spaces/

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY