අන්තර්ජාල ප්‍රහාර වැලැක්වීමට දැන් Skype ඔබේ IP address එක සඟවයි

අන්තර්ජාල ප්‍රහාර වැලැක්වීමට දැන් Skype ඔබේ IP address එක සඟවයි

2609
1
SHARE

විශේෂයෙන්ම gamersලා හට තම දැඩි ප්‍රතිවාදීන්ගෙන් ආරක්ෂා වීමට, Skype වෙතින් නව ආරක්ෂක විශේෂාංගයක් ඇතුලත් කිරීමට කටයුතු යොදා ඇත. Microsoft සමාගම හිමිකාරීත්වය දරණ සේවාවක් වන Skype, මෑතකදී දැනුම්දෙන ලද්දේ තම නවතම update එක සමග භාවිත කරන්නන්ගේ IP address එක සැඟවීමට කටයුතු යොදන බවයි. මින් පෙර එසේ Skype භාවිත කරන්නාගේ IP address එක සැඟවී නොතිබුණු අතර, එනිසා පලපුරුදු hackersලා හට IP address එක ලබාගැනීම මගින් ඔබේ පරිගනකය ඉලක්ක කල හැකිව තිබුණි.

මේ දිනවල online gaming ඉතා බරපතල කටයුත්තක් වී ඇත. එනිසා එවැනි ප්‍රධාන online තරඟ හෝ තරඟාවලි වලින් පරාජය වූවන් අනෙකුත් අයගෙන් පලිගැනීමට කටයුතු කරයි. එසේ කිරීමට එක් පහසු ක්‍රමයක් වන්නේ Distributed Denial of Service නිකුත් කිරීම මගින් තම ජයග්‍රහක ප්‍රතිවාදියා offline කිරීමයි. නමුත් DDoS නිකුත් කිරීමට පෙර තම ඉලක්කයේ IP address එක අවශ්‍ය වේ. ඒ සඳහා එම ඉලක්කයේ Skype නාමය දැනගැනීම පමණක් ප්‍රමාණවත් වන ලදී. තවද එය ලබාගැනීම සඳහා පලපුරුදු programmer කෙනෙක් විය යුතු නැත. ‘Resolvers’ නමින් හඳුන්වන වෙබ් අඩවි මගින් Skype භාවිත කරන්නාගේ IP address එක ලබාදෙන ලදී.

Skype හරහා IP address එක සොයාගැනීමේ ගැටලුව වසර ගණනක් පුරා පැවති අතර පරියේෂණ මගින් දක්වා සිටින්නේ එය 2010 වසරේ පමණ සිට hackersලා හට උපකාර වූ බවයි. නමුත් එම කාරණය 2012 වසර වන තෙක්ම පොදු අවධානයට ලක්වූයේ නැත.

Skype මගින් ඔබේ IP address එක සැඟවීමට කටයුතු යොදන බවට සහතික වීමට, තම පරිගනකයේ හෝ දුරකතනයේ නවතම Skype version එක භාවිතා කරන්නට වගබලාගත යුතු වේ. ඒ සඳහා පරිගනකයෙන් නම් Help > Check for Updates වෙතින් නවතම update එක ලබාගත හැකි අතර, දුරකතනයෙන් Skype භාවිත කරන්නන් හට තම app store වෙතින් නවතම update එක ලබාගත හැකිය.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY