SHARE

සරලවම කිව්වොත් Office 365 කියන්නේ Microsoft සමාගම විසින් හදුන්වලා දුන්න නවතම office package එකක්. අපි සාමාන්‍යයෙන් භාවිතා කරන office package එකෙයි Office 365 වලයි පැහැදිලි වෙනස්කම් කිහිපයක් තියෙනවා. එයිනුත් මූලිකම විශේෂත්වයක් තමයි, එහි භාවිතය අන්තර්ජාලය හරහා සිදුවීම. අපි දන්න විදිහට කිවුවොත් Office 365,Internet based software package එකක්. Office 365 භාවිතා කරල අපි කරන දේවල් cloud storage එකකයි ගබඩා වෙන්නෙ. ඒකෙ තියෙන වාසිය තමයි අපිට ඕනෙම තැනක ඉදන් ඕනෑම උපකරණයක් භාවිතයෙන් cloud storage එක access කරන්න පුලුවන් වීම. ඒ වගේම අපි කරන දේවල් ඒ වෙලාවෙම cloud storage එකේ update වෙන නිසා තවත් කෙනෙක්ට වුනත් ඒ වෙනස්කම් ඒ වෙලාවෙම බලා ගන්න පුලුවන්. ඒ වගේම මෙම ක්‍රමය සාමාන්‍යයෙන් computer එකක data save කරලා තියා ගන්නවාට වඩා ආරක්ෂාකාරි . Office 365 වල තියෙන තවත් වාසියක් තමයි වෙනත් software වල වගේ විශේෂයෙන් upgrade කිරීමක් අවශ්‍ය නොවීම . එයට හේතුව නම් අපි online වැඩ කරද්දී එය update වීම යි.

Office 365 පාවිච්චි කරන්න අපිට මූලිකවම අවශ්‍ය වෙන්නේ smart device එකක් සහ Internet connection එකක් විතරයි. Office 365 පාවිච්චි කරන්න පරිගණකයේ office package install කර තිබීම අවශ්‍ය වෙන්නේ නැහැ . Office 365 වල තවත් වාසියක් තමයි ඕනෑම මෙහෙයුම් පද්ධතියක් සමග භාවිතා කිරීමට හැකි වීම. ඉස්සර නම් Office package භාවිතා කරන්න පුළුවන් වුනේ Windows users ලාට විතරයි. එත් දැන් Apple computers පාවිච්චි කරන අයට වගේම ඕනෑම smart device එකක් පාවිච්චි කරන අයටත් Office 365 පාවිච්චි කරන්න පුලුවන්. ඒ වගේම එක් පුද්ගලයෙකුට Office 365 smart phones, tablets, laptops ආදී වූ උපකරණ 15 ක් සඳහා download කරගැනීමේ අවස්ථාවත් දැන් සලසා දීලා තියෙනවා .

d2c350c7-3037-4aff-9194-9b0f3efd0364

Microsoft Office package එකේ සාමාන්‍යයෙන් අපිට ලබා දෙන සේවාවන්ට අමතරව Office 365 සඳහා විශේෂයෙන්ම එකතු වුන විශේෂාංග කිහිපයක් තියෙනවා .එම සේවාවන් අපිට මූලික කොටස් 4 ක් යටතේ වර්ග කරන්න පුළුවන් . ඒවා නම් Office applications, Skype for Business, SharePoint සහ Exchange. අපි කවුරුත් දන්න Word, Excel, PowerPoint, Outlook වගේ applications අයිති වෙන්නේ Office applications කොටසට . Skype for Business application එක සන්නිවේදන කටයුතු සඳහා භාවිතා කරන්න පුළුවන් . Skype for Business වල instant messaging, voice calls සහ screen sharing වැනි විශේෂාන්ගත් දැන් Office 365 හරහා අත් විදින්නට අවස්ථාව සැලසිලා තියෙනවා . SharePoint කියන්නේ documents හුවමාරු කරගැනීමේ අදහසින් එකතු කරපු අංගයක් . SharePoint අපිට content management application එකක් විදිහට හඳුන්වා දෙන්නත් පුළුවන් .Exchange මගින් Email සේවාවන් ලබා ගැනීමේ හැකියාව පවතිනවා . Yammer සහ OneDrive for Business කියන්නෙත් Office 365 වලට අලුතෙන් එකතු වුන applications දෙකක්. OneDrive for Business කියන්නේ ව්‍යාපාරික කටයුතු පහසු කරගැනීම සඳහා හදුන්වා දීපු application එකක් . එමඟින් තමන්ගේ සේවා දායකයින් සමඟ සම්බන්ධ වීම , ව්‍යාපාරික වාර්තා හුවමාරු කරගැනීම වගේ දේවල් ඉතාමත් පහසුවෙන් කරගන්න පුළුවන් . Yammer කියන්නේ හරියටම Facebook එක වගේ platform එකක් නමුත් මෙකේ වෙනස තියෙනේ මේ Yammer Application එක Organization එකක්තුල ඉන්න Employeesලා සඳහා පමණක් සන්නිවේදන කටයුතු කරගැනීමට සීමාවීතිබීමයි. මෙම applications භාවිතයෙන් පෙරටත් වඩා පහසුවෙන් අපගේ වැඩ කටයුතු කරගැනීමේ හැකියාවක් දැන් තියෙනවා .

ඒ වගේම තමා අපගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන විදිහට සකස් වූ subscription plans කිහිපයක් Office 365 වල තියෙනවා . එදිනෙදා භාවිතය සඳහා වෙනම software packages මෙන්ම ව්‍යාපාරික අවශ්‍යතා සඳහා වෙනම software packages හඳුන්වා දීලා තියෙනවා . Office 365 Home, Office 365 Personal, Office 365 Business සහ Office 365 Business Premium ඒ අතරින් කිහිපයක් . අපගේ අවශ්‍යතාවයන්ට අනුව ගැලපෙන සේවාව අපිට තෝරා ගන්නට පුළුවන් . Office 365 සඳහා ගාස්තුව වාරික වශයෙන් හෝ එක වර ගෙවිය හැකියි.

ඔයාටත් ඔයාගේ ව්‍යාපාරික කටයුතු පහසු කරගන්න අවශ්‍යනම් දැන්ම යන්න Office 365 සයිට් එකට ගිහින් ඔයගේ ව්‍යාපාරයට ගැලපෙන plan එකක් subscribe කරන්න

Office 365 Site : ගැලපෙනම plan එක ගැන තවදුරටත් දැනගන්න

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY