Windows 10 ජංගම මෙහෙයුම් පද්ධතිය සමගින් නවමු අත්දැකීමක්

Windows 10 ජංගම මෙහෙයුම් පද්ධතිය සමගින් නවමු අත්දැකීමක්

12779
0
SHARE

Microsoft සමගම මේ වනවිට එහි නවතම මෙහෙයුම් පද්ධතිය වන වින්ඩෝස් 10 හි සංස්කරණයන් 6 ක් ප්‍රකාශයට පත් කර අවසන්.

1.Windows 10 Home.
2.Windows 10 Mobile
3.Windows 10 Pro
4.Windows 10 Enterprise
5.Windows 10 Education
6.Windows 10 Mobile Enterprise

Microsoft සමාගමේ නවතම ජංගම උපකරණ සදහා වූ මෙහෙයුම් පද්ධතිය වන Windows 10 Mobile හි වූ සුවිශේෂී ලක්ෂණ කීපයක් පිලිබදව කල විමසීමක් මේ.

මේ වනවිට Windows Insiders සදහා මෙහෙයුම් පද්ධතිය නිකුත් කර අවසන්.එහි නවතම නිකුත් කිරීම වන build 10080 හි වූ සුවිශේෂී කීපයක් සැකෙවින්,

Windows App Store සදහා වූ යෙදීම් සදහා Universal Windows Platform කේතය යොදාගන්නවා.Phone Apps Store එක බොහෝදුරට PC සදහා ලබා දෙන Store එකට සමාන කමක් දක්වන අතර මේ හරහා ඔබට යෙදීම් credit cards, gift cards, and PayPal මගින් මිලදී ගත හැකි වෙනු ඇත.Candy Crush Saga ක්‍රීඩාවද මෙහෙයුම් පද්ධතිය සමග ලබා දෙනවා.Universal Windows යෙදීම් නිසා මේ සමග එන MS Office මෘදුකාංගයද පරිගණකයේ MS Office ලෙසටම ක්‍රියා කරනු ඇත.PowerPoint මෘදුකාංගය wireless printing සහ wireless streaming සදහා සහයෝගය දක්වයි.XBox තුළත් මෙම නව මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වෙන නිසා, නවමූ අත්දැකීමක් ලබා ගත හැකි වෙනු ඇත.

Windows 10 Mobile මෙහෙයුම් පද්ධතිය සදහා අවශ්‍ය වන අවම RAM ධාරිතාව 1GB වුවත් 512MB RAM ධාරිතාවය සහිත Lumia 520 වැනි උපාංග සදහාත් තරමක් හැකියාවන් වලින් අඩු යවත්කලීනයක් ලබා දෙනවා.තවද මෙම පද්ධතිය IP messaging සදහාද සහයෝගය දක්වනවා.තවත් සුවිශේෂීතාවයක් වන්නේ OTG සදහා සහයෝගය දැක්වීමයි.ඔබට පහසුවෙන් වෙනත් Pen Drives වැනි උපාංග සම්බන්ධ කල හැක. මේ සමග එන Universal Photo යෙදුම තවත් සුවිශේෂ ලක්ෂණ වලින් සමන්විතයි. Camera යෙදුමද වැඩි දියුණු කර ඇත.Red Eye ඉවත් කිරීම හා ස්වංක්‍රීය Brightness පාලනය මේ අතර වේ. පුද්ගලික පරිගණක සදහා මෙන්ම මේ පද්ධතියට Spartan නමින් හැදින්වෙන ව්‍යාපෘතිය මගින් සැකසෙන Edge ලෙස නම් කර ඇති නව වෙබ් අඩවි පිරික්සුමද ලැබෙනු ඇත.

තවද මෙම පද්ධතිය සමග එන තවත් එක් අංගයක් වන්නේ Continuum, මෙමගින් ජංගම දුරකථනය පරිගණකයක් බවටත්, Notebook පරිගණකයක් Tablet පරිගණකයක් බවටත් හැරවිය හැක.

ඔබටත් මෙම අංග අත් විදීමට පුළුවන්. ඒ සදහා Windows Insider වැඩසටහන සමග එක විය යුතුයි.ඒ සදහා පහත පියවර අනුගමනය කරන්න.

i. Windows Insider වැඩසටහන හා එක්වන්න
ii. යවත්කලීනයන් OTA මගින් ඔබේ ජංගම දුරකතනයට ලබා ගැනීමට ලියාපදිංචි වන්න.
iii. අවසාන නිකුත් කිරීම පිටවන තුරු යවත්කලීනයන් ලැබෙනවා.
iv. අවශ්‍ය ඕනෑම වෙලාවක Lumia Recovery Tool මගින් නැවතත් Windows 8.1 වෙතට මාරු විය හැක.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY