Windows 10 වල App Mirror feature එකේ අලුත්ම විස්තර

Windows 10 වල App Mirror feature එකේ අලුත්ම විස්තර

3319
0
SHARE

නිතරම Windows 10 වල updates ගැන අවධානයෙන් ඉන්න කෙනෙක්නම් ඔබ දැනටමත් මේ Your Phone කියන mobile application එක ගැන දන්නවා ඇති. 2018 වසරේ වින්ඩොව්ස් 10 සඳහා නිකුත් වුන update එකේ තමයි මේ feature එක එකතු වුනේ. මේකෙන් Android පාවිච්චි කරන අයගේ ඕනෑම application එකක් Windows 10 Desktop එකක view කරන්න වගේම පාවිච්චි කරන්නත් පහසුකම් සැලසෙනවා. Mobile එකේ තිබෙන app එකම ඔබ refer කරන නිසයි මේකට App mirror feature කියන නම යෙදිලා තිබෙන්නේ.

ඒ වගේම Your Phone mobile application එක Android සඳහා 100%කම සාර්ථකයි කියන්න පුළුවන්. ඒ වගේම iPhone පැත්තට ගියොත් Micorosft ප්‍රකාශ කළා වගේම ඔබට පුළුවන් web පිටු transfer කරන්න iPhone එකක සිට Windows 10 desktop එකක් සඳහා. මේක අපිට සහය වෙන විදිහ ගැන පොඩ්ඩක් පැහැදිලි කලොත් ඔබේ දුරකතනයේ තිබෙන ඡායාරුපයක් හෝ ලිපියක් හෝ PDF එකක් ඔබට පරිගනකයට මාරු කරගන්න Bluetooth, data cable හෝ email අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ඕනෑම දෙයක් ඉතාම පහසුවෙන් ඔබට මේ Your Phone හරහා කරගන්න පුළුවන්.

ඔබට අපි කීවා වගේම Your Phone application එකෙන් ඔබට අවශ්‍ය කරන applications වල සහය ලබගන්නවට අමතරව දැන් phone screen එක directly mirror කරගැනීමේ හැකියාව පවතිනවා.

මේ වන විටත් මෙහි beta test එක ආරම්භ වෙලා තිබෙනවා. Samsung’s Galaxy S8, S8 Plus, S9, සහ S9 Plus කියන දුරකථන වලට  දැනට සීමා වෙලා තිබුනත් Microsoft විසින් ප්‍රකාශ කළා ඔවුන් තවදුරටත් මෙය ප්‍රචලිත කිරීමට සුදානම් බව. අපි කලින් භාවිත කරපු bluestack වගේ desktop applications වලින් අපිට android දුරකතනයක අත්දැකීම රැගෙන ආවා. නමුත් එය අපේ දුරකථනය වුනේ නැහැ. ලෝකය හැමදාම තාක්ෂනය අතින් ඉදිරියට ගමන් කරද්දී අපි අවසානයේදී අපේ දුරකතනයේ දත්ත පරිගණකයේ හැසිරවිය හැකි මට්ටමට පැමිණ තිබෙනවා.

මේ beta testing එක අවසානයේදී අපිට තවත් සාර්ථක Microsoft නිමවුමක් බලාගන්නට හැකිවේවි.

Source: https://www.theverge.com/2019/3/12/18261478/microsoft-your-phone-screen-mirroring-android-windows-10-app-feature 

Featured Image Source:https://www.theverge.com/2018/10/3/17933644/microsoft-android-apps-windows-10-app-mirroring-report

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY