Windows 10 පාවිච්චි කරන ඔයාගේ Internet speed එක අඩුයි වගේ ද?

Windows 10 පාවිච්චි කරන ඔයාගේ Internet speed එක අඩුයි වගේ ද?

3519
2
SHARE

Network හරහා TCP(Transmission Control Protocol) data යවන programs වල performance වැඩි කරන්න feature එකක් Microsoft මගින් හදුන්වල දුන්න…මේ feature එක මුලින්ම ආවේ windows vista මෙහෙයුම් පද්ධතියත්  සමග.windows 10 ඇතුළු ඊට පස්සේ ආව සියළු මෙහෙයුම් පත්ධති වල මේ feature එක තියෙනවා.windows auto-tuning කියල තමයි මෙය හදුන්වන්නේ.

ඉතින් මේක ප්‍රථිපලදායී උනත් සමහර වෙලාවට මේ feature එක disable කිරීමෙන් internet speed එක වැඩි කරගන්න පුළුවන්.මේ ක්‍රමය හොයාගෙන තියෙන්නේ Ghack.net එකෙන්.දැන් අපි බලමු කොහොමද මේ feature එක disable කරන්නෙ කියල.

  1. මුලින්ම windows key click කරල cmd.exe type කරන්න.shift key + Ctrl key press කරගෙන ඉන්න ගමන් enter press කරන්න.
  2. පළමු පියවර හරියට කරා නම් UAC(User Account Control) prompt එක open වෙනවා.ඒක confirm කරන්න.
  3. දැන් මේ command එක cmd එකේ type කරල enter කරන්න.
 netsh interface tcp show global

එන list එකේ ඔබට බලාගන්න පුළුවන් “Receive Window Auto-Tuning setting” එක ඉදිරියෙන් normal කියල set කරල තියෙනවා.feature එක disable කරන්න මේ command type කරල enter කරන්න.

netsh int tcp set global autotuninglevel=disabled

setting නිවැරදිව set උනාම message එකක් එනවා ok කියල. දැන් www.fast.com වගේ site එකක් භාවිත කරල internet speed එක check කරල බලන්න.මේ ක්‍රමයෙන් හැමෝගේම connection speed එක වැඩි වෙනවා කියල සහතික වෙන්න නං බැහැ.ඔයාගේ internet speed එකේ වෙනසක් නැත්තම් Window Auto-Tuning setting නැවත normal වලට set කරන්න මේ command එක type කරල enter කරන්න.

netsh int tcp set global autotuninglevel=normal

 

2 COMMENTS

LEAVE A REPLY