windows 95, Apple Watch එකක් මත run වන හැටි

windows 95, Apple Watch එකක් මත run වන හැටි

2279
0
SHARE

පසුගිය දිනක එනම් 2016 april 30 වන දින  windows 95, apple watch එකක් මත install කිරීමේ පුවත ලෝකේ technology වලට ආස කරන බොහෝ දෙනා අතරේ පැතිරිලා ගියා. ඇත්තටම බැලුවොත් windows 95 මෙහෙයුම් පද්ධතිය release කරලා තියෙන්නේ 1995 වර්ෂයේ අගෝස්තු 24 වෙනිදා. ඒ කියන්නේ අවුරුදු 20 කට වඩා පරණ මෙහෙයුම් පද්දතියක් තමයි මේ විදියට apple watch එකකට install කරලා තියෙන්නේ.

මේ වැඩේ කරලා තියෙන්නේ TENDIGI නමැති සමාගමේ CTO වන Nick Lee. ඔහු කියන විදියට, ඔහු මේ සදහා පාවිච්චි කරපු apple watch එකේ 520MHz processor speed එකක්, 512 MB RAM එකක්, 8GB internal storage එකක් තියෙනවා. ඒ කියන්නේ windows 95 release කරපු දවස් වල 386 processor එක වගේ x 25 ගුණයක් speed processor එකක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි… ඒ දවස් වල (90 දශකයේ මැද) hard drive එකක සාමාන්‍ය capacity එක 512 MB වගේ තමයි තිබුනේ. ඉතින් මේ හින්ද තමයි ඔහුට apple watch එකක windows 95 run කිරීමට අදහස ඇවිල්ල තියෙන්නේ.

මේ තියෙන්නේ windows 95 මෙහෙයුම් පද්ධතිය install කිරීම සදහා අවශ්‍ය අවම සුදුසුකම්

  • 386DX හෝ ඊට වඩා වැඩි processor එකක්  (486 recommended)
  • 4 megabytes (MB) RAM එකක් (8 MB recommended)
  • 35-40 MB hard disk space එකක්

1-9D1gRq9Bmx-0CvGwAbO3VA (1)පහල video එක තියෙන විදියට මේකේ වැඩ කරන එක එතරම්ම පහසු දේකුත් නෙවෙයි. මොකද, OS එක boot වෙන්න සහ apps load වෙන්න තරමක වෙලාවක් යනවා. ඔයගොල්ලන්ට මේ smart watch එක සහ DC motor එකක්  සම්බන්ද කරපු රතු පාට tube එකකුත් බලාගන්න පුළුවන් … එකෙන් කරන්නේ watch එක sleep වෙන එක නවත්තන එක.

තවත් දෙයක් කියන්න තියෙනවා. ඔයගොල්ලන්ටත් ඕන නම් මේක try කරලා… වැඩි දියුණු කරන්න පුළුවන් කියල Nick Lee කියල තියෙනවා. මේකේ source code එක GitHub එකෙන් ගන්න පුළුවන්.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY