Windows, Androidවලට පෙම්බදියි!

Windows, Androidවලට පෙම්බදියි!

20628
2
SHARE

Microsoft ආයතනය තමන්ගේ නිපැයුම් ප්‍රසිද්ධ කරන්නට නවතම උපායමාර්ගය විදිහට Cross-Platform Software නිපදවීම සිදුකරනවා. ඒ නිසා ඔවුන්ගේ නවතම බොහෝ නිර්මාණ ලෝකයට අත්‍යවශ්‍යම දේවල් වුනා. ඒ වගේම සැම කෙනෙක්ටම පාවිච්චි කල හැකි උනා. උදාහරණයක් විදිහට Microsoft ආයතනයේ ජනප්‍රියම Product එකක් වන Microsoft Office දැන් iOS සහ Android පාවිච්චි කරන්නන්ටද භාවිතා කිරීමට හැකි වෙලා තියෙනවා.

නමුත් Microsoft එකේ අලුත්ම software line-up එක විදිහට Android තෝරගෙන තියෙනවා කිවුවොත් එක ඇත්තටම පුදුමයට කාරණාවක්. ඒ කියන්නේ ඔයාලට Windows පාවිච්චි කරන එක තවත් අලුත් අත්දැකීමක් වෙන්නයි යන්නේ. Windows ඒකාකාරී නම් ඔයාලට Android අත්දැකීමක් ගන්න දැන් අවස්ථාවක් ලැබෙනවා. ඒ අලුත්ම Android launcher Software එක නිසා. Microsoft ආයතනය මගින් develop කරපු මේ අලුත්ම Software එක නම් කරලා තියෙන්නේ “Arrow” කියලා. දැනටමත් මේ Arrow launcher එකේ Beta version එක test කරන්න අවස්ථාව ලැබිල තියෙනවා.

Image02

Microsoft ආයතනය මේ අලුත්ම android launcher app එකේ ScreenShots නිකුත්කරලා තියෙනවා. ඒ වගේම Microsoft ආයතනය පැහැදිලි කරන විදිහට මේ අලුත් launcher  app එක ප්‍රධාන වශයෙන් කොටස් 3 කින් සමන්විත වෙනවා. ඒ කොටස් 3  Home Screen එකෙන් දෙපසට side swipe කරන්නට හැකි වෙන screen 3ක්. ඒවා ,

  • People(නිතර භාවිතා වන Contact)
  • Apps(Install කරලා තියෙන Apps)
  • Notes and reminders

ලෙස දක්වලා තියෙනවා. මේ ප්‍රධාන Section 3,  rename කරන්න හරි Remove  කරන්න හරි අවස්ථාවක් නෑ. ඒ වගේම මිට අමතරව Section Add කරන්න තවම හැකියාවකුත් නැහැ.

Image03

අනෙකුත් සාමාන්‍ය  Android Architecture එක වගේම මේ Arrow android launcher එකෙත් Bottom Dock  එකක් අඩංගු වෙනවා. මේ Dock එක expand කරන්න පුලුවන්කමත් තියෙනවා. එකට තමන්ට Quick Access කරන්න ඕන App links, Settings, wallpaper, feedback  වගේ දේවල් add කරගන්නත් පුළුවන්. මේ Launcher එන සිත් ඇදගන්නා සුළුම Feature එක තමයි Bing images wallpaper එක විදිහට පාවිච්චි කරන්නට හැකිවීම. තවමත් Arrow android launcher එක testing තත්වයේ තිබෙන නිසා ඉදිරියේදී තවත් හොද Updates එකතු වෙලා Windows පාවිච්චි කරන ඔයාලට ඕන වෙලාවට Android වෙන්නත් පුළුවන් වෙයි.

Comments

comments

2 COMMENTS

LEAVE A REPLY