පවුලේ සුරක්ෂිත බව වෙනුවෙන් Microsoft Family

පවුලේ සුරක්ෂිත බව වෙනුවෙන් Microsoft Family

2576
0
SHARE

ඔබත් Microsoft Account එකක හිමිකරුවෙක්ද? එහෙනම් මේ ප්‍රවෘත්තිය ඔබටත් වැදගත් වේවි. Microsoft Family කියන්නේ Windows 10 හා Xbox One devices වලට නොමිලයේ ලැබෙන සේවාවක්. මේකට Windows උපාංගයක්ම වෙන්න ඕන නැහැ. සිතන්න ඔබට තිබෙන්නේ Android දුරකථනයක් නම් ඔබට තිබෙන්නේ Microsoft Launcher දමාගැනීම පමණයි. https://account.microsoft.com/family ලින්කුවට ඔබ ඔබගේ account එක තුලින් ගියොත් ඔබට දැකගන්නට පුළුවන් වේවි Actively Reporting, Screen Time Limits, Location Sharing හා Content Restrictions වගේ ප්‍රධාන කරුණු කිහිපයක්ම.

Microsoft Family Set Up කරන්නේ කොහොමද?

ඔච්චරම ඕක වටිනවානම් set කරන විදිහත් කියන්න එපැයි. ඉහත තිබුන link එකට ගියානම් ඔබට පහසුවෙන්ම මේක හදාගන්න පුළුවන්. මේකේදී කෙරෙන දේ තමයි membersලාට invite කරන එක තමන්ගේ group එකට. Family Calendar එක පාවිච්චි කරලා පවුලටම වැදගත් වෙන events මේකේ දක්වන්න පුළුවන්. සාමාජිකයන් කොච්චර කාර්යබහුල වුනත් ඔවුන්ගේ calendar වලත් මේ ඉඩ ඒ විදිහටම අයින් වෙනවා. ඔබ Skype පාවිච්චි කරනවානම් skype වලත් family group එකක් create වේවි. මේ ලින්කුවෙන් කට්ටිය add කරන විදිහත්, මේ ලින්කුවෙන් කට්ටිය remove කරන විදිහත් බලාගන්න පුළුවන්.

Activity Reporting කියන්නේ මොකක්ද?

ඔබේ දරුවා, නංගි, මල්ලි ඔබට විශ්වාසද? සමහර විට ඔවුන් පෙනෙන තරම් අහිංසක නැතුව ඇති. පොඩි කලේ සිටන්ම ඔවුන් නිවැරදි පාරේ අරන් යන එක වැඩිහිටියන්ගේ වගකීම. මේ නිසයි Microsoft විසින් හැම සතියකම ඔබේ දරුවාගේ weekly online activity report එකක් email හරහා ඔබට එවන්නේ. ඔවුන් කොච්චර වෙලා මේක ඔබනවද, මොනවද යන sites, පාවිච්චි කරන apps games මොනවද වගේ දේවල් මේකේ සදහන් වෙන්නේ. මේක on කරන විදිහ මේ ලින්කුවෙන් බලන්න පුළුවන්.

Screen Time එක සිමා කරන්න

ඔබට වෙලාවකට හිතෙනවද අපි වගේ නැහැ මේ ළමයි මේක ඔබන ගමන්මයි ජිවිතේ කියලා. ඔබට පුළුවන් දරුවන්ව මේකෙන් ඇතට කරන්න මේකට time limit එකක් දෙන්න. දරුවා කිවොත් අනේ අම්මේ ගෙදර වැඩ තාම ඉවර නැහැ කියලා, එවෙලේම පොඩ්ඩක් වැඩි කරලා දෙන්නත් ඔබටම පුළුවන්.

Ask a parent

මේ වගේම content restrictions පවතිනවා මේ තුළ. දරුවා Microsoft එකෙන් download කරන app එකක් පවා ඔබට දැනගන්නට ලැබෙනවා. දරුවා ask a parent කියන feature එක off කරලා තිබ්බත් දරුවාගේ වයස අඩුනම් අනිවාර්යයෙන්ම ඔබට පණිවිඩයක් ලැබෙනවා දරුවා download කරන apps ගැන.

අනික් වැදගත්ම කරුණ තමයි location-tracking feature එක. මේ මෑතකදී මේ feature එක Android Launcher app එකටත් ආවා. මේකෙන් ඔබට පුළුවන් ඔබේ පවුලේ සාමාජිකයන්ගේ last known location එක track කරන්න. මේකෙදි activity report එකක් ලබාගන්නත් පුළුවන් එක් එක් සාමාජිකයන් use කරපු apps මොනවද කියල දැනගන්න. මේ කරුණ ඉතින් හුගක්ම වැදගත් වෙන්නේ කුඩා දරුවෝ ඉන්න අම්මලා තාත්තලට. මෑතකදී මේ Microsoft Family feature එකට ආපු improvements හුගක්ම පවුල් පදනම් කරගත්තු විදිහේ improvements. Websites block කරන feature එක Windows PC වල තිබුනට දැන් ඒක Edge for android වලත් සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. මේ නිසා ඔබේ දරුවාට, නංගිට මල්ලිට හොද නැහැ කියලා හිතෙන විදිහේ websites block කරන්න පුළුවන් ඔබේ mobile එක භාවිතා කරලත්.

දරුවා ලග නැතුව නරක් වෙනවා කියලා කෑගහන සමාජයකට මේ feature එක හුගක් වැදගත් වේවි. මේක ඔබ පාවිච්චි කරනවද? ඔබට හිතෙන දේ අපිට කියන්න.

නැවත හමුවෙමු …

Source: https://support.microsoft.com/en-us/help/12413/microsoft-account-what-is-family

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY